UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘සුධාරක’ ගිහි ධර්ම දූත සේනාංකයට ඉල්ලුම්පත් කැඳවයි

බොහෝ ගම්මානවල පන්සල් පාළු වී ගොස් ඇති බැවින්ද, ගම්මාන මට්ටමේ අති විශාල සදාචාරාත්මක පිරිහීමක් ඇති වී ඇති බැවින් ද, ඒ අඩුව පිරිමසාලීම සඳහා ධර්මයට කැපවූ ‘සුධාරක’ නමින් ගිහි ධර්මදූත ව්‍යාපාරයක් ගොඩනැඟීමට ‘සදහම් සෙවණ’ ධර්මායතනය තීරණය කර ඇත.

ඒ අනුව වයස අවු. 18 ට වැඩි තරුණ, වැඩිහිටි පිරිස් වලට මේ හා සම්බන්ධවීමට ආයාචනා කෙරේ. ඒ සඳහා පළමු අදියර ලෙස මාසික නේවාසික පුහුණුවක් ලබාදීමට සැලසුම් කර ඇත.

බෞද්ධ භාවනා ක්‍රම, පිරිත් සජ්ඣායනා, ආගමික වතාවත් ඉටු කිරීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදාගෙන සදාචාරාත්මක සමාජයක් ඇතිකරලීම, ජනතාව තුළ සාමූහිකත්වය ගොඩනැඟීම, ඉලක්ක කරගෙන මෙම පුහුණුව පැවැත්වේ.

ඒ අනුව සරළ දිවි පෙවෙතකින් යුතු, සොබාදහමට ආදරය කරනා පරහිතකාමී ආකල්පයන්ගෙන් පිරි කුසලතා සම්පන්න ජනතාවගේ දුක් දොම්නස් වලට සංවේදී තැනැත්තෙකු බිහිකිරීමට අපේක්‍ෂා කෙරේ.

මෙවැනි ගැඹුරු හැඟීමක් ඇති කෙනෙකුගේ විවාහ ජීවිතය ධර්මදූත ව්‍යාපාරය හා එක්වීමට බාධාවක් නොවේ. සුධාරක ධර්මදූත සේනාංකයේ පළමු කණ්ඩායමට ස්වේච්ඡාවෙන් එක්වීමට නොවැ. 10 දාට පෙර ඔබත් නොපමාව අයදුම් කරන්නැයි ඉල්ලයි.

අයදුම් කළ යුතු ලිපිනය, ලේකම්, සුධාරක ගිහි ධර්මදූත සේනාංකය, සදහම් සෙවණ, ගෝතමී උයන, ඔබේසේකරපුර, රාජගිරිය, වේ. දුරකථන – 011 2882198 වේ.

මෙහෙයවීම – ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි, මුදලක්කුලියේ රතනජෝති හිමි, බඳගිරියේ සෝමවංශ හිමියන් සහ අතුරලියේ රතන හිමියන් විසිනි.

වප් අමාවක පෝය


වප් අමාවක පෝය ඔක්තෝබර් 28 වනදා අඟහරුවාදා පූර්ව භාග 3.33 ට ලබයි. 29 වනදා බදාදා පූර්වභාග
4.44 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ඔක්තෝබර් 28 වනදා අඟහරුවාදා යග

 

මීළඟ පෝය නොවැම්බර් 6 වන දා බ්‍ර‍්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]