| 
			 
			 
			‘රාජකිය පණ්ඩිත’ උපාධි ලබති
			
			 
			දෙහිවල සිරි දුමින්දාරාම නව පොළොන්නරු ගල් විහාරවාසී කො/ ශාස්ත්‍රානන්ද 
			පිරිවෙණේ ආචාර්ය සිරිසද්ධානන්ද ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්ය 
			කැබිලයපොළ ධම්මාලංකාර හිමියෝ ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ 
			අවසාන පරීක්ෂණයෙන් සමත්ව රාජකීය පණ්ඩිත උපාධිය හිමිකරගෙන ඇත. සූවිසි 
			වැනි වියේ පසුවන උන්වහන්සේ නව පොළොන්නරු ගල් විහාරාධිපති අන්තර්ජාතික 
			විහාර පදනමේ අධ්‍යක්ෂ ආචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මශෝක නාහිමියන්ගේ 
			හා තත් ශිෂ්‍ය දැනට ඇමරිකාවේ ධර්මදූත කටයුතුවල යෙදී සිටින ශාස්ත්‍රවේදී 
			ත්‍රිපිටකවේදී හැව්ඕවිට ගුණානන්ද හිමියන්ගේ දෙටු ශිෂ්‍යයෙකි. 
			උන්වහන්සේ ස්වකීය විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන ජාතික ආගමික සාමාජික හා 
			අධ්‍යාපනික වශයෙන් ප්‍රදේශයට සුවිශාල සේවයක් සිදුකරන තරුණ භික්ෂු නමකි. 
			රාජකීය පණ්ඩිත ධම්මාලංකාර හිමියෝ මාදන්වල ශ්‍රී ධර්මෝදය පිරිවෙණේ හා 
			කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පරිවෙණේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.  |