UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සීදුවේ සුමනවංස හිමි ගම්පහ දිස්ත්‍රික් ලේඛකාධිකාරී ධූරයට

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි ආගමික කටයුතු හා සදාචාර වර්ධන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණ යටතේ ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ඉදිරි වසර හතර සඳහා තෙවනි වරටත් ප්‍රධාන ලේඛකාධිකාරි වශයෙන් පණ්ඩිත ශාස්ත්‍රාචාර්ය සීදුවේ සුමනවංස හිමියෝ නිතරගයෙන් පත්වුහ.

එම නිලවරණය ගම්පහ දිසා ලේකම් වී. කේ. රූපරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 24 වන දා ගම්පහ දිසා ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

සීදුවේ සුමනවංශ හිමියන් 1991 සිට කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි වශයෙන් මේ දක්වා හයවන වරටත් තේරීපත්ව කටයුතු කරන අතර, ගම්පහ දිස්ත්‍රික් ලේඛකාධිකාරී වශයෙන් 1998 සහ 2004 වසර වල පත් වූ බවත්, තෙවන වරට පසුගිය දා නිතරගයෙන් පත්වීම විශේෂ සිදුවීමකි.

2005 වසරේ සිට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි වශයෙන් ද නිතරයෙන් පත්ව මේ දක්වා එම කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජික ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කරති. සීදුව රද්දොළුව අභිනවාරාම විහාරාධිකාරි වශයෙන් කටයුතු කරන සිදුවේ සුමනවංස හිමියන් රද්දොළුව අභිනවාරාම විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද, රද්දොළුගම නිවාස සංකීර්ණයේ ශ්‍රී සුමංගල යන දහම් පාසල්හි ප්‍රධානාචාර්යවරයා වශයෙන් ද බප/ මීග/ රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විදුහලේ ප්‍රථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් ද ප්‍රදේශයේ ආගමික ජාතික හා සාමාජික සංවිධානයන්හි ක්‍රියාකාරී අනුශාසකයන් වහනසේ නමකි.

සුමනවංශ හිමියන් අමරපුර මහා නිකායේ ශ්‍රී සුමංගල කාරක සංඝ සභික රද්දොළුව සුබෝධාරාම මහා විහාරය, රද්දොළුව අභිනවාරාම යන උභය විහාරාධිපති රද්ඵදොළුවේ අමරවංස නා හිමියන්ගේ කනිටු ශිෂ්‍යවරයන් වහන්සේ නමකි.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 25 වන දා සිකුරාදා අපර භාග 1.05ට ලබයි.
26 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.11 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජූලි 25 වන දා සිකුරාදා ය.
 

මීළඟ පෝය ජූලි 31 වන දා බ්‍රහස්පතින්දා ය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]