UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගිරි භණ්ඩ පූජාව මෙවරත්

මෙවර ගිරි භණ්ඩ පූජාව සිදු කරනු ලබන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ දෙකට අයත් විහාරස්ථාන 110 ක ස්වාමීන් වහන්සේ වෙනුවෙනි. විහාරස්ථානයට අවශ්‍ය සරල භාණ්ඩ, සිවුරු පිරිකර, මුළුතැන්ගෙට අවශ්‍ය භාණ්ඩ, පුද පූජා සඳහා අවශ්‍ය භාණ්ඩ 100 ක් එක් එක් විහාරස්ථානයකට පූජා කිරීමට ගිරි භණ්ඩ පූජා කමිටුව සැළසුම් කර ඇත.

බෞද්ධ කොඩි, ජාතික කොඩි, බුද්ධ පූජා භාණ්ඩ, සිවුරු, අඳන, පාත්‍ර, අට පිරිකර, ආදී වශයෙන් මෙම භාණ්ඩ 100 සමන්විත වේ.

මෙම අරමුණ මත අගෝස්තු 25 – 31 දක්වා දිනපතා තලගල මංගලාරාමයෙහි සෙත් පිරිත් දේශනා, පරිෂ්කාර පූජා සහිත පින්කම් මාලාවක් ද සංවිධානය කර ඇත.

දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රදේශවල විහාරස්ථානයන්හි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ අගෝස්තු 31 දා උදේ 9.00 ට තලගල මංගලාරාමයට වැඩම කරති.

එදින 10.00 ට මේ ශ්‍රේෂ්ඨ බුද්ධ ප්‍රත්‍රයන් වහන්සේ වෙනුවෙන් උපහාර උත්සවයක් පැවැත්වේ. දවල් දානය පිරිනැමීමෙන් පසු අදාළ ගිරි භණ්ඩ පූජා කිරීමේ පින්කම පැවැත්වේ.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 25 වන දා සිකුරාදා අපර භාග 1.05ට ලබයි.
26 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.11 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජූලි 25 වන දා සිකුරාදා ය.
 

මීළඟ පෝය ජූලි 31 වන දා බ්‍රහස්පතින්දා ය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]