සසුනඹර සුදිලෙන සුපුන්සඳ බෝගොල්ලේ සුමන හිමි
මා හැඟි මිණිමුතු ලොව දුලභ වන්නා සේ ම ශ්‍රේෂ්ඨ පුරුෂෝත්තමයන්ගේ ලොව පහළ වීම ද
දුර්ලභයහ. සියලු තාරකාවන් මැඩගෙන පූර්ණ චන්ද්‍රයා ලොව බබළන්නා සේ රට ජාතිය එවන්
උතුමන් නිසා බබළන්නේ ය. මෙකී ශ්‍රේෂ්ඨ පුරුෂෝත්තම ගුණයන්ගෙන් අතිපූජ්‍ය බෝගොල්ලේ
සුමන ස්වාමීන් වහන්සේ සමලංකෘතයහ.
1981 වසරේ දෙසැම්බර් 31 දින සත්කෝරල දිසාවේ ප්‍රධාන සංඝනායක මළගණේ ශ්‍රී
අත්ථදශ්‍යාභිධාන මහා නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය හැටියට පැවිදි බිමට ඇතුළත්
වීය. කැලණිය විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් ව මහා යතිවරයන් වහන්සේලාගේ ගුරු ඇසුරෙන්
ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම මෙන්ම අවසාන විභාග මෙන්ම අපොස උසස් පෙළ විභාගය සමත්වී
ය.
කැලණිය විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව විෂය පිළිබඳව විශේෂවේදී උපාධිය සමත් වීය.
මහාචාර්ය හැවන්පොළ රතනසාර මහා ස්වාමීන් වහන්සේගේ මෙන් ම ප්‍රවීණාචාර්ය හැවන්පොල
ශාන්ති හාමුදුරුවන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ 2000 වර්ෂයේ අමෙරිකා එක්සත් ජනපදයට
වැඩම කොට එහි උසස් අධ්‍යාපනය හදාරන අතරතුර කැලිෆෝනියා ප්‍රාන්තයේ, ඇණහෙයින් පළාතේ
ශ්‍රී රතන අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානය නිර්මාණය කොට, සුවිශාල ධර්ම ශාස්ත්‍රීය
මෙන් ම ශාසනික සේවාවක් සිදු කරමින් වැඩ සිටිති.
පසුගිය 21 වැනි දිනට ස්වකීය ජීවන ගමනේ පනස් පස්වැනි වියට පා තැබූ අපේ බෝගොල්ලේ සුමන
හාමුදුරුවන් වහන්සේට තවත් ලෝක ශාසන සේවාව සිදු කරන්නට උතුම් තුණුරුවනේ ආශිර්වාදයෙන්
සතර දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිටෙන්, ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ,
උතුම් විජය ශ්‍රී ජයසිරි මහා බෝධීන් වහන්සේගේ අනුහසින් ආනුභාවයෙන් ආශිර්වාදයෙන්
ආයුෂයෙන් වැඩේවා
වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්,
ප්‍රඥාවෙන් වැඩේවා!......
දියගම නාරද හිමි |