[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

විශිෂ්ට නායකත්වයක උත්තරීතර නාමය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමිපාණෝ

විශිෂ්ට නායකත්වයක උත්තරීතර නාමය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමිපාණෝ

බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ උත්තරීතර මහ නායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නාහිමියෝ අද (01) 79 වැනි වියට එළඹෙති.

1946 වර්ෂයේ ඔක්තෝබර් පළමු වැනි දා දකුණුලක නිල්වලා ගං තෙරේ ගැමි සුවඳ විහිදුවන මාතර කඹුරුපිටිය, කරගොඩ, උයන්ගොඩ නම් සුන්දර ගමෙහි දොන් සාදිරිස් අබේවික්‍රම වීරමන් හා ඇම්.වී. අබේවික්‍රම නම් දම්පතීන් යුවළකට තුන්වැනි දරුවා ලෙස මෙලොව දායාද වූ සුපින්වත් කුල කුමරු වයස අවුරුදු දහතුනේ දී එවකට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මාහිමිපාණන් වහන්සේගේ සෙවණට පත් විණි.

වර්ෂ 1962 ජූනි මස 18 වැනි දින බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ දී උතුම් වූ ශාසනික පැවිද්ද ලබනුයේ කරගොඩ, උයන්ගොඩ මෛත්‍රී මූර්ති යන පැවිදි නාමයෙනි.

අතිගරු මහා නාහිමියන්ගේ සෙවණෙහි වැඩ සිටිමින් භික්ෂු ජීවිතයට අවශ්‍ය විෂයයන් පිළිබඳ මූලික දැනුම සිය ගුරු දේවයන් වහන්සේගෙන් උගත්හ. දියතලාව ශ්‍රී සුධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනට ඇතුළත් ව ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම ආදි විභාග මැනවින් සමත් වූහ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පළමු පන්තියේ සාමාර්ථ සහිත ව විශේෂවේදී උපාධිය ලබා එම විශ්වවිද්‍යාලයේ ම දර්ශන අංශයේ කථිකාචාර්යවරයකු ලෙස වසර ගණනාවක් සේවය කළහ. අනතුරුව සිය ගුරුදේවයන් වහන්සේගේ ඉල්ලීම පරිදි බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විද්‍යායතනයේ පරිවේණාධිපති ධුරය භාරගත්හ. එතැන් පටන් ආයතනයේ භෞතික හා ගිහි - පැවිදි මානව සම්පත දියුණු කරමින් වසරින් වසර සබරගමුව පළාතේ පමණක් නොව ලංකාවේ ම අධ්‍යාපන සංවර්ධන අංශයේ ඉහළ ස්ථානයක් ලබාදීමට සමත් විණි.

නිරන්තරව උන්වහන්සේ සිදුකරනු ලබන ආගමික, ජාතික, ශාසනික හා ආධ්‍යාත්මික ක්‍රියාවලියට දක්වන ධෛර්යය, කැපවීම, නිවැරැදි නායකත්වය හා අවංක ප්‍රතිපදාව ඉතා අගනේ ය. ඍජු හා සුපටිපන්න ගුණෝපේත ගුණයෙන් යුත් අප නාහිමියන් ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ආරම්භයට මුල්ගල් තැබීමට පවා සෙත්පිරිත් දෙසමින් ආශීර්වාද කළ අතර, විශ්වවිද්‍යාලයේ සිදුවන සුවිශේෂි සෑම කටයුත්තකට ම සහභාගි වන්නේ අධ්‍යාපනික මෙහෙවර අත්නොහරිමිනි.

2004 ඔක්තෝබර් 20 වැනි දින අමරපුර නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක පරම පූජනීය ගැටඅරළුවේ ශී‍්‍ර ධම්මරතන මහ නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව අප නාහිමිපාණන් වහන්සේ ස්ව නිකායික මහ නායක තනතුරට නිතරගයෙන් පත්වූහ.

දීර්ඝ කාලයක් ස්වනිකායික මහා සංඝරත්නයේ පමණක් නොව සමස්ත ලංකාවේ ම ගෞරවාදරයට පත් අප කතානායකයන් වහන්සේ සමස්ත ලංකා අමරපුර සංඝ සභාවේ ගරු සභාපති පදවියෙන් පිදුම් ලැබූහ.

නිරන්තරව උන්වහන්සේ විසින් සිදු කරනු ලබන ආගමික, ජාතික හා ශාසනික සේවයට දක්වන ධෛර්යය කැපවීම, නිවැරැදි නායකත්වය හා අවංක ප්‍රතිපදාව ආදර්ශයකි. ඍජු හා සුපටිපන්න ගුණයෙන් යුත් අප නාහිමිපාණන් වහන්සේ 79 වැනි ජන්ම දිනය සමරති. උන්වහන්සේට සුඛී දීඝායුඛෝ භව ප්‍රාර්ථනා කරමි.

වප් පුර පසළොස්වක

ඔක්තෝබර් 06 සඳුදා අ.භා 12.22 පුර පසළොස්වක ලබා 07 අඟහරුවාදා පූ.භා. 09.17න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 13  

Full Moonඅමාවක

ඔක්තෝබර් 20 

First Quarterපුර අටවක

ඔක්තෝබර් 29   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]