ආශ්‍රව දුරු කොට
සසර දුකෙන් එතෙර වෙමු
අභිධර්මාචාර්ය
ඇම්.ටී. පද්මසිරි
ආශ්‍රව ගැන සහ එම ආශ්‍රව දුරු කරන ක්‍රමය ගැන සබ්බාසව සූත්‍රයේ සඳහන් වෙනවා. ආශ්‍රව
යනු, සත්වයාගේ මනස තුළ කැකෑරෙමින් තිබෙන වැරැදි සිතිවිලි සහ ගති සිරිත්. ආශ්‍රව
කාමාසව, භවාසව,අවිජ්ජාසව, දිට්ඨාසව යනුවෙන් හතර ආකාර වේ.
සත්ත්වයාගේ මනස තුළ මෙසේ කැකෑරෙමින් තිබෙන ආශ්‍රව දුරු කිරීම එතරම් ම පහසු
කටයුත්තක් නොවේ.
මෙම ආශ්‍රව දුරු කිරිමේ ක්‍රම හතකි. එනම්,
දස්සනා පහාතබ්බා, සංවරා පහාතබ්බා, අධිවාසනා පහාතබ්බා, පරිවජ්ජනා පහාතබ්බා, පටිසේවනා
පහාතබ්බා, විනෝදනා පහාතබ්බා, භාවනා පහාතබ්බා, යන හත් ආකාරයෙනි.
මෙම ආශ්‍රව තමන් තුළ පවතින බව සත්ත්වයා නො දනී. ඒ තරමට ම ඔවුන් කෙලෙස් සහිත ව
ජීවත්වන නිසා ය. මෙම ආශ්‍රව දුරු කරන තුරු දුගතියෙන් මිදෙන්නට, සුගතියට ගමන් කිරීමට
නොහැකි තත්ත්වයක් තිබෙන බව ඔවුන් නොදනී. මෙම ආශ්‍රව දුරු කර ගන්නා ක්‍රම ගැන බොහෝ
අය නො දනිති. දුරු කර ගත යුතු, තරම් බරපතළ කරුණුූ නො වන බව තේරුම් ගත් අය වශයෙනුයි
ඔවුන් ජීවත් වන්නේ. ඒ තරමට ම මේ කාම භවයේ ඇලීමෙන් කටයුතු කරන්නේ.
බෞද්ධයෙක් වුව ද එදිනෙදා ජීවත්වන විට තමන් තුළ ආශ්‍රව ගොඩනැඟේ. ඒවා ගොඩනැඟෙන්න ඉඩ
නො ලැබෙන අයුරින් කටයුතු කිරීමට ඔවුන්ට වුවමනාවක් නැත. ඒවා ගැන දන්නා කෙනෙක් කියා
දුන්නත්, තේරුම් කර දුන්නත් ඒවා පිළිගැනීමට ඔවුන් උනන්දුවක් දක්වන්නේ නැත. මේ
ආශ්‍රව ඒ තරමට ම දරුණු ඒවා බව තේරුම් ගැනීමට වඩා ඔවුන්ට දෛනික ජීවිතයේ කටයුතු වැඩි
ය. වැදගත් ය.
මේ ආශ්‍රව කියන්නේ කෙලෙස් බව දැන ගත යුතුය.
දස්සනා යනු දර්ශනයෙන් යන්නයි. දස්සනා යනු සෝවාන් මාර්ගයෙන් කියන එකයි තේරුම.
“දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නනෝ, කාමෙසු වින්‍යෙගේධං නහි ජාතු
ගබ්භසෙය්‍යං පුනරෙති” යනුවෙන් කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් ව තිබේ. සම්මා දිට්ඨියෙන්
යුක්තව, සීලයට පැමිණ, දර්ශනයෙන් යුක්තව කාමයෙන් දුරු ව, ජීවත් වෙනවා නම් මරණයෙන්
පසු නැවත වරක් මවුකුසක පිළිසිඳ නො ගන්නා බවයි. මෙතැන මවුකුසක කියන විට ඕපපාතික නො
වන මනුස්ස තිරිසන් ආදින් ගැන විශේෂයෙන් සඳහන් වේ.
කරණීයමෙත්ත සූත්‍රය ලක්ෂ වාරයක් කියවා ඇතත් මෙහි සඳහන් දස්සනේන වචනයෙන් කියැවෙන්නේ
සෝවාන් වීමෙන් කියන තේරුම බව බොහෝ අය දන්නෙ නැත. එය දන්නවා නම් සෝවාන් වීමට
උනන්දුවක් හෝ සෝවාන් වෙන්නේ කොහොමද කියලවත් දැන ගැනීමට වුවමනාවක් ඔවුනට නැත්තේ
කුමක් නිසා දැයි සිතන්න වෙන්නෙ දුකෙනි.
ආශ්‍රව කියන්නෙ සිත තුළ වැඩෙන කෙලෙස්. ආශ්‍රව දුරු කිරීමේ කාරණා හතර ගැනම තේරුම්
නොකරන අතර, දස්සනා යන්න තේරුම් කර දීමයි මෙම ලිපියෙන් අදහස් කරන්නේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරිදි සෝතාපන්න භාවයට පත්වීමට මුලින් ම කල්‍යාණ
පෘථග්ජනයෙක් බවට පත්විය යුතු ය.
සෝතාපන්න භාවයට පත් නොවූ අය පෘථග්ජනයා යනුවෙන් හැඳින්වේ. මොවුන්ද අශ්‍රැතවත්
පෘථග්ජන, කල්‍යාණ පෘථග්ජන වශයෙන් දෙයාකාර වේ. ආර්යයන් වහන්සේ දැකීමට අකැමැති,
ආර්යයන් වහන්සේ දේශනා කරන ධර්මයට ඇහුම්කම් දීමට අකැමැති හා අදක්ෂ ලෙස, ආර්ය
ධර්මයෙහි නො හැසිරෙන කෙනා ආශ්‍රැතවත් පෘථග්ජනයා ය. ඔහු අයෝනිසෝමනසිකාරයෙන් යුක්ත
නිසා ඒ තත්ත්වයට පත්ව ඇත්තේ සෝවාන් භාවයට පත්වීමට නම්, කල්‍යාණ මිත්‍රයන් ( තමන් ව
පවෙන් ගලවාගන්නා) ඇසුරු කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, යෝනිසෝ මනසිකාරය (සිහි
කල්පනාවෙන් පවට බයෙන් කටයුතු කිරීම) ධර්මානුධම්ම ප්‍රතිපත්තිවල යෙදීම යන කාරණාවල
යෙදිය යුතු ය. මෙම හතර සෝවාන්වීමේ අංශ හතරයි. මෙහි සඳහන් පළමු කරුණු ද්විත්වය
ගැනවත් නො සිතන අය ඉතා විශාල ය. තමන්ට අවවාද දෙන, හරි වැරැද්ද කියාදෙන, තමන් ව
වරදෙන් මුදවන්න උත්සාහ කරන කෙනා කල්‍යාණ මිත්‍රයා ලෙස ඔවුන් නො පිළිගනී. ඊට හේතුව
වන්නේ ද ඔවුන් ධර්ම ශ්‍රවණය නො කරන නිසා ය.
ධර්ම ශ්‍රවණය ඔවුන්ට ඉතා ම අමිහිරි දෙයකි. ධර්මය ශ්‍රවණය කරන්නේ නැති කිසිවකුට
කල්‍යාණ පෘථග්ජනයෙක් වන්න කිසිදාක ලැබෙන්නේ නැත. ඒ නිසා ම ඔවුන්ට සංසාර ගමන ඉතා
දීර්ඝ ය. සසර කෙළවරක් ගැන සිතන්නටවත් බැරි ය. පෘථග්ජන බැවින් ගැලවීමට ඉඩක් ඔවුන්ට
නැත.
මෙම පෘථග්ජනයෝ අන්ධ පෘථග්ජන, කල්‍යාණ පෘථග්ජන වශයෙන් හඳුන්වන අතර ආගම ධර්මය නො
දන්නා, පින්, පව් විශ්වාස නො කරන, කර්ම කර්මඵල විශ්වාස නො කරන, සක්කාය දිට්ඨිය නැති
කර ගැනීමට උනන්දුවක් නැති, නිතර සංස්කාර රැස් කරන, ධර්මය ඉගෙනීමට උනන්දුවක් නැති,
කෙලෙස් වැඩෙන ක්‍රියාවල වැඩි වශයෙන් නියැළෙන, ධර්මයට පටහැනි ව ක්‍රියා කරන,
මිථ්‍යාදෘෂ්ටික දෙවියන්ගේ පිහිටාධාර පතන, ඔවුන්ට ගරුකරන අදහන අය අන්ධ පෘථග්ජන නම්
වේ. මොවුන්ට විවරව ඇත්තේ දුගතියේ දොරයි. නමුත් කල්‍යාණ පෘථග්ජනයා මාර්ගඵලයකට පත්
නොවූ ආශ්‍රැතවත් පෘථග්ජනයෙක් වුව ද කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කර, පන්සිල් රකින,
දසකුසල් සහ පොහෝ දින නිත්‍ය උපෝසථය සමාදන් වන, ගැඹුරු ධර්මය හෙවත් මාර්ගඵල ලබා
ගැනීමට පහසුවන අභිධර්මය, සූවිසි ප්‍රත්‍ය ධර්මය, සත්තිස් බෝධි පාක්ෂික ධර්මය ගැන
අවබෝධය ලැබීමට වුවමනා ගැඹුරු ධර්මය නො දන්නා අයට තේරුම් කර කියා දෙන්න උනන්දු වන, ඒ
සම්බන්ධ ව විශාල කාලයක් යොමු කරන, යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව තමා තුළ වැඩෙන කෙලෙස්
ගැන අවබෝධයෙන් සිට ඒවා ඉක්මනින් ම දුරු කර ගැනීමට උත්සාහ කරන, පඤ්ච සීලය වුව ද
ආර්යකාන්ත ශීලයක් ලෙස රක්ෂා කර ගැනීමට වෙහෙසෙන, සත්ත්වයාට මේ සසරෙන් ගැලවීම ප්‍රමාද
වුව ද සතර අපායට නො වැටී ජීවත්වීමට ඉතා කාරුණික ව උපදෙස් දෙමින් කටයුතු කිරීම,
ධර්මාවබෝධය අඩු අයට පහදා ගත යුතු ගැඹුරු ධර්ම කාරණයක් විමසූ විට ප්‍රමාද නො වීම
ඔවුන්ට ඉතා කරුණාවෙන් පහදා දීම, සත්ත්වයා අනිවාර්යයෙන් ම දත යුතු, අවබෝධ කර ගත යුතු
පරමාර්ථ ධර්මයන් සත්ත්වයන්ගේ අවබෝධය සඳහා උනන්දු වන කෙනා කල්‍යාණ පෘථග්ජනයා වශයෙන්
බුදුරජාණන් වහන්සේ හඳුන්වා දී ඇත.
ජනක, උපස්ථම්භක, උපපීඩක, උපඝාතක කර්මවලින් මුල් වූ ජනකකර්මය විසින් අවසාන චුති සිත
මඟින් ගෙන කුසල කර්ම අනුව ප්‍රතිසන්ධි සිතට ඇතුල්ව ඊළඟ භවයේ පැවැත්මේ පළමු සිත
වශයෙන් පහළ වේ. එතැන් පටන් එමඟින් භවාංග වී ප්‍රවෘත්ති විපාක වශයෙන් එතැන් පටන්
පවතී. ඒ අනුව සංසාරයේ යම් අකුසලයක් පල දෙන්නේ නම් ප්‍රවෘති විපාක වශයෙන් පල දේ. මේ
ජීවිතයේ අපට ලැබෙන විපාක ප්‍රවෘත්ති විපාක ලෙසයි පල දෙන්නේ. මේ නිසා සෑම කෙනකු
විසින් ම පඤ්ච ශීලය අඛණ්ඩ ව රකිමින් ප්‍රවෘත්ති විපාක ලැබෙන පරිදි පසළොස්වක පොහෝ
දින සර්ව උපෝසථ ශීලය රකිමින් ගුණවත්, ධර්මානුකූල ව වෙසෙන වැඩිහිටියන්ට සැලකීම වැනි
කුසල ප්‍රතිපත්ති රකින්නේ නම් සෝවාන් නූනත් මරණින් පසු සුගතිගාමීවීමට බෙහෙවින් ම
හේතුවන බව සත්‍ය කරුණකි. |