ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඉල් අමාවක පෝදා 2024 නොවැම්බර් 30 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් මුල්කොට ගත් සම්බුද්ධ ශාසනයේ ජීවමාන රත්නය මහා සංඝරත්නයයි. බුදුරජාණන් වහන්සේගේ අපමණ ගුණකඳ තම තම නැණ පමණින් දැන අන් අයට බුදුරුවනේ, දම්රුවනේ ඇති අගය හා හරය පිළිබඳ සමාජය දැනුම්වත් කරවීමෙහි යෙදී සිටින්නේ ද, පෙරමුණ ගන්නේ ද, මහා සඟරුවන ම ය. ගමින් ගමට, පෙදෙසින් පෙදෙසට, රටින් රටට වැඩමවා එහි වැදගත්කම පිළිබඳ අවබෝධයෙහි යෙදුණේ ද සඟරුවන ම වන්නේ ය. පණ්ඩිත සීදූවේ සුමනවංස නාහිමියෝ ද එවන් සඟරුවන සෝභාවත් කරන උතුම් යතිවරයෙකි. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන මැතිවරණ කොට්ඨාසයට අයත් සීදූව නම් ග්‍රාමවරයෙහි උන්වහන්සේගේ උපත සිදුවිය. විශ්‍රාමලත් පොලිස් නිලධාරි කේ.එන්. ජේ. රොවෙල් හා එම්.එස්. පෙරේරා යන දම්පතීන් දෙපල සුමනවංස නාහිමියන්ට මවුපියෝ වූහ. 1970 ඔක්තෝබර් 31 වැනි දින රද්දොළුව සුබෝධාරාම මහා විහාරය, අභිනවාරාමය යන උභය විහාරාධිපති ව වැඩ විසූ රද්දොළුවේ අරියවංශ මහා ස්වාමීන් වහන්සේගේ සහ එම විහාරද්වයෙහි විහාරාධිපති අමරපුර මහානිකායේ ශ්‍රී සුමංගල කාරක සභාවේ ප්‍රධාන කාරක සංඝසභික සම්මාන අනුනායක අපවත්වී වදාළ රද්දොළුවේ අමරවංස නායක ස්වාමීන් වහන්සේගේ ද ශිෂ්‍යයකු ලෙසින් සුබෝධාරාම මහා විහාරයේ දී උතුම් පැවිදි ප්‍රවෘජ්ජා භූමියට පත්වූහ. 1978 ජූලි මස 25 වැනි දින අම්බලන්ගොඩ සුනන්දාරාම මහා විහාරස්ථ උදකුක්ඛේප බද්ධ සීමාවේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත්වුණි.
නොවැම්බර් 30 සෙනසුරාදා පූ.භා. 10.29 අමාවක ලබා දෙසැම්බර් 01 ඉරිදා පූ.භා 11.50 ගෙවේ. 30 සෙනසුරාදා සිල්
අමාවක
නොවැම්බර් 30
පුර අටවක
දෙසැම්බර් 08
පසළොස්වක
දෙසැම්බර් 14
අව අටවක
දෙසැම්බර් 22
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]