ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඉල් අමාවක පෝදා 2024 නොවැම්බර් 30 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අද්‍යතන සම්බුද්ධ ශාසනාම්භරයේ සුදිලෙන පහන් තාරකාවක් බඳු වූ මහාවිහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක, ගිරිහාගම ශ්‍රී සුමංගලාරාමාධිපති, යක්කල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා සද්ධම්මජෝතිකධජ, සාහිත්‍යචක්‍රවර්තී, ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නොවැම්බර් මස විසි හය වැනි දින ස්වකීය පුණ්‍යවන්ත ජීවන ගමනේ සැත්තෑ හයවැනි විය සපුරමින් සැත්තෑ සත්වැනි වියට පා තබති. වර්ෂ 1948 නොවැම්බර් මස 26 වැනි දින සාරසියපත්තුබද ගලසියපත්තුවෙහි නියංගොඩ ග්‍රාමවරයේ මොළගොඩ කෝරළේ නිවසෙහි ගෘහස්වාමී වූ ගුරු - විදුහල්පති යුවලක් වන හේරත් රාජකරුණා වාසල මුදියන්සේලාගේ කුඩාබණ්ඩා නියංගොඩ මැතිඳුන්ගේ සහ මොළගොඩ රාජකරුණා අතපත්තු වාසල මුදියන්සේලාගේ බිසෝමැණිකේ මැතිණියගේ පුත් රුවනක ලෙසින් ජන්ම ලාභය ලද අනුනාහිමිපාණන් වහන්සේ මොලගොඩ පියදස්සි විද්‍යාලයෙන් සහ මාතලේ විජය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූහ. සැදැහැති දෙමාපිය පරපුරෙන් ලද පන්නරය සහ පුරාකෘත පුණ්‍ය මහිමය හේතුවෙන් වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේගේ තෘතීය ශිෂ්‍ය වූ ගිණිගත්පිටියේ ශ්‍රී සංඝරක්ෂිත නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අයත් මල්වතු මහාවිහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික ඇතුල්ගම ශ්‍රී දේවරක්ෂිත නාහිමිපාණන් වහන්සේ, නියංගොඩ පුරාණ විහාරාධිපති, විනයාචාර්ය බඹරදෙණියේ මේධානන්ද මාහිමිපාණන් වහන්සේ, ගල්ලෑල්ලේ නන්දසාර මාහිමිපාණන් වහන්සේ සහ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික, හේනේපොල නන්දසිරි නාහිමිපාණන් වහන්සේ යන නාහිමිපාණන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් වර්ෂ 1964 මැයි මස 26 වැනි දින නියංගොඩ පුරාණ විහාරයේ දී ප්‍රව්‍රජ්‍යා සම්පත් ලැබූහ.
නොවැම්බර් 30 සෙනසුරාදා පූ.භා. 10.29 අමාවක ලබා දෙසැම්බර් 01 ඉරිදා පූ.භා 11.50 ගෙවේ. 30 සෙනසුරාදා සිල්
අමාවක
නොවැම්බර් 30
පුර අටවක
දෙසැම්බර් 08
පසළොස්වක
දෙසැම්බර් 14
අව අටවක
දෙසැම්බර් 22
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]