[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සිරි මිහිඳු රන් හිරු මඬල පායා ලක් දෙරණ දම් දිවයිනක් වූ දා

අද දවස අනුබුදු මිහිඳු බුදු පුතුන් සිහියට නැගෙන මිස්සක පව්ව පිරිමදිමින් හමන පවනින් සිත් සැනසෙන පොසොන් අමා සංදේශය රැගෙන පුන්සඳ උදාවන පින්බර දවසයි. අපි අද දෙවනපෑතිස් නිරිඳුන් ඇතුළු ලක්වැසියන්ට අභිමානනීය නවෝදයේ මාවත එකලු කළ, සිරි මිහිඳු රන් හිරුමඬල පායා මෙපින් බිම දිදුලන දහම් විමානයක් බවට පත්කළ පූජනීය ඉතිහාසය පහන් සිතින් සිහිකොට ගුණ නැණ බෙලෙන් ප්‍රබුද්ධ වෙමු. අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ මතු පස්වා දහස් කාලයක් සම්බුදු සසුන සුරැකෙන ලොව ඇති එකම තැන මේ කුඩා දිවයින බවත්, දහම් සෝ රජිඳු, සිරි මිහිඳු සමිඳු සහ දෙවනපෑතිස් නිරිඳු එහිලා පුරෝගාමීන් වන බවත් දුටු සේක. ඒ උදෙසා පඤ්චමහා අධිෂ්ඨානයන් හා කුඩා අධිෂ්ඨාන බොහොමයක් පිහිටුවා පිරිනිවන් වඩින මොහොතේ සක්දෙවිඳු අමතා මිහිඳු හිමියන් ලක්දිව වඩින ගමනේ දී එහිලා සහාය වන්න යැයි ද වදාළහ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් ශතවර්ෂ දෙකකට වැඩි කාලයක් ගත වූ පසු දඹදිව රජ පැමිණි ධර්මාශෝක රජතුමා මුළු භාරතයම එක්සේසත් කළේ ය. මොග්ගලීපුත්තතිස්ස රහතන් වහන්සේගේ ඇසුර ලබා සම්බුදු සසුනෙහි සිත පහදවා වෙහෙර විහාර අසූහාරදහසක් කර නිති සිව්පසයෙන් මහසඟන පුදා ශ්‍රමණවේශධාරීන් සැටදහසක් නෙරපා ශාසනය ශෝධනය කළේ ය. තුන්වැනි ධර්ම සංගායනාව කරවා සාමන්ත රාජ්‍යයන් ගණනාවකට ධර්මදූත භික්ෂූන් යොමු කරවීය. ශාසනයේ උරුමය ලබනු රිසිව තම පුත් මිහිඳු කුමරුන් හා දියණිය සංඝමිත්තාවන් සසුන්ගත කරවූ දම්සෝ නිරිඳු අපමණ ලෝක ශාසනික මෙහෙවරක් සිදුකොට පසුකලෙක ලක්දිව උපත ලබා පැවිදිව නිවන් දුටුවේ ය. උපතින් විසි හැවිරිදි වියේ දී මොග්ගලීපුත්තතිස්ස තෙරුන්ගේ උපාධ්‍යායත්වයෙන් හා මහාදේව තෙරුන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි උපසම්පදාව ලැබූ සිරි මිහිඳු හිමියෝ උපසම්පදා මාලකයේ දී ම සිව්පිළිසිඹියා ලාභීව රහත් වූහ.


පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]