[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ලාංකික ථෙරවාද සම්ප්‍රදායේ පදනම චුල්ලහත්ථිපදෝපම සූත්‍රයයි

නිර්මල ථෙරවාද බුදු දහම ලක් දිවට නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබුවේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේය. වංශකථා සාධක අනුව අනුබුදු මහින්ද මහාරහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත පිරිසෙහි ලංකාගමනය සිදු වූයේ පූර්ව සැළසුමකට අනුවය. දීපවංශය හා මහාවංශය වාර්තා කරන පරිදි ලක්දිව වැඩම කළ අනුබුදු මහින්ද හිමියෝ බුදුදහම පිළිබඳ මෙතෙක් ගැඹුරු අවබෝධයක් නොතිබූ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිසට බුදුරදුන්ගේ ධර්මය මුල්වරට හඳුන්වාදීම සඳහා සුදුසුම සූත්‍ර දේශනාව වන චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තෝරා ගත්හ. බුදු දහම පිළිබඳ අවබෝධයක් නොමැති ආධුනිකයකුට ඒ ගැන මූලික අවබෝධයක් ලබා ගැනීම සඳහා එම සූත්‍රය බෙහෙවින් ප්‍රමාණවත් වේ. එහි සමස්ථ අන්තර්ගතය අනුව එමඟින් ත්‍රිවිධ රත්නය හා එහි අනන්‍යතාව, බෞද්ධ විමුක්ති මාර්ගය පිළිබඳ ගැඹුරු වැටහීමක් ලබාගත හැකිය. මෙම සූත්‍රයට සවන් යොමු කළ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිසට බුදු දහම සහ භික්‍ෂූන් වහන්සේ පිළිබඳ ලබා ගත් මූලික අවබෝධය මිහිඳු හිමියන් හා ඉදිරි කටයුතුවල දී පහසුවක් වූ බව ඉන් අනතුරව අනුරාධපුර මහා විහාරය කේන්ද්‍ර කරගෙන සිදූ වූ ආගමික හා ශාසනික සේවා මඟින් ප්‍රකට වේ. අනුබුදු මිහිඳු හිමියන්ගේ ප්‍රථම ලාංකික ධර්ම දේශනය වන චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙහි අන්තර්ගතය වර්තමාන ලංකාවට බෙහෙවින් වැදගත් වන්නේ උන්වහන්සේ මෙහි පිහිටුවන ලද ථේරවාද සම්බුද්ධ ශාසනය සියවස් ගණනක් තිස්සේ පරිවර්තනය වෙමින් වර්තමාන ස්වරූපය දක්වා විකාශනය වී ඇති හෙයිනි. ආදිම බුද්ධ දේශනා ඇතුළත් මජ්ක්‍ධිම නිකායට අයත් සූත්‍ර දේශනාවක් වන චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත ය. පළමු කොටස පිලෝතික පරිබ්‍රාජකයා හා ජාණුස්සෝණි බ්‍රාහ්මණයා අතර ඇතිවන සංවාදයකි. අනතුරුව බුදුරජාණන් වහන්සේ සහ ජාණුස්සෝණි බ්‍රාහ්මණයා අතර ඇතිවන සංවාදයකින් දෙවන කොටස සමන්විත වන අතර එයින් බුදුරදුන්ගේ අනන්‍යතාව හා බෞද්ධ විමුක්ති මාර්ගය සැකෙවින් විස්තර වේ.


පොසොන්
පුර පසළොස්වක

ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.15 න් පුර පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]