[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ 2024 වර්ෂයේ සමුළුව පැවැත්වීමට ඉතාලිය විසින් සත්කාරකත්වය බාරගත් අවස්ථාව. සංගමයේ සභාපති හා ලේකම් විසින් ඉතාලිය නියෝජනය කරමින් සහභාගි වූ මහගම විපුලසිරි නාහිමි, යුරෝපයේ ප්‍රධාන සංඝනායක පැල්ගහතැන්නේ සීලවිමල නාහිමි හා ඉතාලියේ් ප්‍රධාන අධිකරණ සංඝනායක
වතෝගල ධම්මික නාහිමිවරුනට නිල ධජය පිරිනැමූ අයුරු

යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ පළමු සඟ සමුළුව

යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ පළමු සඟ සමුළුව ඔස්ට්‍රියාවේ වියානා නගරයේ දී පසුගියදා ඉතාම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. භික්ෂු සංගමය නියෝජනය කරනු ලබන ඉතාලිය, ජර්මනිය, ස්වීඩනය, ඩෙන්මාර්කය, ප්‍රංශය, ඔස්ට්‍රියාව, නෝර්වේ, සයිප්‍රසය, ස්විට්සර්ලන්තය, ග්‍රීසිය, එංගලන්තය යන රටවලින් මෙන්ම ජපානය, මැලේසියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය ආසියාතික රටවල වැඩසිටින ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ හැට නමකට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වී ඇත. භික්ෂූ සංගමයේ අභිනව සභාපති ධුරයට පත්ව ඇති වියානා ඤාණපෝණික බෞද්ධ මධ්‍යස්ථානාධිපති ඔස්ට්‍රියාවේ ප්‍රධාන සංඝනායක විජයරාජපුර සීලවංශ හිමිපාණන් වහන්සේගේ සත්කාරකත්වය යටතේ යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂූ සංගමයේ පළමු සඟ සමුළුව සංවිධානය කොට තිබිණි. ඔස්ට්‍රියානු රජයේ හා ඔස්ට්‍රියානු බෞද්ධ සංගමයේ විශේෂ අනුග්‍රහය ඇතිව සංවිධානය වූ මෙම සමුළුවේ මූලික අරමුණ වී ඇත්තේ යුරෝපීයයන් වෙත බුදුදහමේ පණිවිඩය රැගෙන යාම හා විදේශ ධර්මදූත සේවාව සඳහා ශ්‍රී ලාංකික තරුණ භික්ෂූන් වහන්සේ යොමු කරවීමටයි. ‍මෙම උත්සව අවස්ථාවේ දී මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ක්වාලාලම්පූර් සෙන්තූර් බෞද්ධ මධ්‍යස්ථානාධිපති බූටාවත්තේ සරණංකර නාහිමිපාණන් වහන්සේ " විදේශ රටවල ධර්ම ප්‍රචාරය කිරීමේදී ශ්‍රී ලාංකික භික්ෂූන්ගේ වගකීම" පිළිබඳ ප්‍රධාන දේශනය සිදුකර ඇත. එහිදී උන්වහන්සේ සිදුකළ දේශනය තුළ ප්‍රකාශ කොට ඇත්තේ ධර්ම දූත සේවයෙහි යෙදෙන භික්ෂූන් වහන්සේ ධර්ම ඤාණය මෙන් ම භාග්‍යවතුන් වහන්සේගේ දහම තුළ කතා කෙරෙන කරුණාව, දයාව වැනි මානව ගුණධර්මයන්ගෙන් සන්නද්ධ විය යුතු බවයි. එමෙන්ම උන්වහන්සේගේ ඇවතුම් පැවතුම් සිත්ගන්නා අයුරින් පැවැත්වීම තුළ අන් අයගේ ආකර්ෂණය නිතැතින් ම ලැබෙනු ඇති බවට ප්‍රකාශ කර ඇති නාහිමිපාණන් වහන්සේ තව දුරටත් සඳහන් කර ඇත්තේ බුදු දහමේ පදනම ප්‍රඥාව හා කරුණාව බවත්, ප්‍රඥාව මිනිස් මොළය ආමන්ත්‍රණය කරන අතර කරුණාව හදවතට ආමන්ත්‍රණය කරන බවයි.

 


පොසොන් පුර අටවක

මැයි 27 සෙනසුරාදා පූ.භා.
07.44 න් පුර අටවක ලබා 28 ඉරිදා පූ.භා. 09.57 න් ගෙවේ.
27 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]