[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

කොග්ගල හබරාදුව ගුණදස්සී අරමට සෑ රදුන් වහන්සේ නමක් ඉදි වූ වගයි

පොහොර ගබඩාව පන්සල, ජිනරතනාරාමය මෙන්ම වරෙක වැල්ලේ පන්සල යනාදී නේක නම්වලින් අප විහාරස්ථානය එකල ගම්වාසීන් අතර ප්‍රචළිත ය. ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ඇති ගුණදර්ශනාරාම ආරාමය දෙවැනි ලෝක යුද්ධය නිසා ද බලපෑමට ලක් වූ අතර, එකල ආණ්ඩුවේ නියෝග මත වැඩසිටි භික්ෂූන් වහන්සේලාට ද ඉවත්වන්නට සිදු විය. එහෙත් නැවතත් මෙම විහාරස්ථානය නගාසිටුවීමට මූලික අඩිතාලම සකසන ලද්දේ තලාතුඩුව ආරණ්‍ය සේනාසනාධිපති අපගේ ගුරු දේවෝත්තම දොරපේ ඉන්ද්‍රසෝභන මහ ස්ථවිරයාණෝ ය. මෙලෙස විවිධ බාධක කම්කටොලු මධ්‍යයේ ගොඩනැඟුණු අප විහාරස්ථාන භූමියට ස්වර්ණමය යුගයක් උදා වූයේ 2012 දී තෝමස් අමරසූරිය පිරිවෙනෙහි පරිවේණාධිපති ශාස්ත්‍රපති කුඹල්වෙල ඉන්ද්‍රසාර නාහිමියන් වැඩමවීමත් සමඟයි. උන්වහන්සේගේ නොපසුබට උත්සාහයෙන් මෙන්ම කැපවීමෙන්, නේක වූ අනුශාසනා මධ්‍යයේ ගම්වාසීන්ගේ ද දායකත්වය මත අංග සම්පූර්ණ විහාරයක් බවට පරිවර්තනය කිරීම ආරම්භ විය. ඒ අනුව කාලයාගේ ඇවෑමෙන් ඉන්ද්‍රසාර හිමිගේ අනුදැනුම යටතේ, විහාර මන්දිරය, ධර්ම ශාලාව, සංඝාවාස ගොඩනැඟිල්ල, ඝණ්ඨාර කුලුන, මකර තොරණ, දේවාල මන්දිර සහ බෝධි ප්‍රාකාරය යනාදි සියලු අංග ජනතාවගේ වැඳුම් පිදුම් කටයුතු උදෙසා අභිනවයෙන් ඉදි විය. තවද ගම්වාසි දරුවන් වෙනුවෙන් දහම් අධ්‍යාපනය ලැබීම උදෙසා ගුණදර්ශනාරාම දහම් පාසලෙහි දොරටු නැවත විවර කරලීමට කැපවීමෙන් කටයුතු කරන්නේ ද අප නායක හිමිපාණන් වහන්සේ විසින්ම ය.

පොසොන් පුර අටවක

මැයි 27 සෙනසුරාදා පූ.භා.
07.44 න් පුර අටවක ලබා 28 ඉරිදා පූ.භා. 09.57 න් ගෙවේ.
27 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]