[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

මහින්දාගමනයේ අසිරිය

ලක් දෙරණේ අභිමානයේ ඇරඹුම සනිටුහන් වන්නේ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ වැඩම වීමෙනි. මිහිඳු මාහිමි ලාංකේය ජනතාවට තථාගත ශ්‍රී සද්ධර්මය හඳුන්වා දීමෙන් පසු භූමිය සිසාරා ඒ උතුම් දහම මැනවින් ස්ථාපිත විය. එකල පැවැති විවිධ පුද සිරිත් චාරිත්‍ර වාරිත්‍රවලට බුදුදහමින් තදබල විවේචනයක් සිදුවූයේ නැත. මිහිඳු හිමි ලංකාවට වඩින සමයේ සිටි හෙළයෝ කෘෂිකාර්මික ජීවිතයක් ගතකළ පිරිසකි. පණ්ඩුකාභය සමය පිළිබඳ මහාවංශයේ දැක්වෙන විස්තරයෙන් ඔවුන් යක්ෂ, දේව විශ්වාස හා ගස් ගල් ඇදහූ බවට පැහැදිලි වේ. මිහිඳු මාහිමි අසල්වැසි විශාල රාජ්‍යයක බලසම්පන්න රජකු වූ අශෝක අධිරාජ්‍යයාගේ පුත්‍ර රත්නයක් විය. එය ලාංකිය ජනතාව විශේෂ පිළිගැනීමකට ද හේතුවිය. මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජු මුණගැසුණේ ක්‍රීඩා පිණිස සතුන් දඩයම් කරමින් සිටිය දී ය. මිහිඳු මාහිමියන් දුටු සැණින් බිම වැටුණු, දුණු,ඊතල, සත්ව හිංසනය සඳහා නැවතත් යොමු නොවුණි. මිනිසුන්ගේ දෛනික ජීවිතය සකසා ගැනීමට ද මිහිඳු මාහිමියන්ගේ වටිනා අර්ථවත් උපදෙස් ජනතාවට මාහැඟි දායාදයක් විය. තවද බුද්ධ ශ්‍රාවකයන්ගේ බ්‍රහ්මචාරි ජීවිතය ජනතාවට ආදර්ශයක් විය. ඈත අතීතයේ විවිධ ඇදහිලි හා යකුන් පිළිබඳ මතිමතාන්තර තිබුණු බවට මහාවංශය පෙන්වා දෙයි. මෙම තත්ත්වයට මහින්දාගමනයෙන් සුවිශේෂි ප්‍රතිසංස්කරණ යොමුවිය. නිදහස් නිවහල් චින්තනයට අවකාශ ලැබුණූ ආගම් අතර, අද්විතීය ස්ථානයක් බුදුදහමට හිමි වේ. චින්තනයෙන් පන්නරය ලැබූ ලාංකිකයා මෙලෙස ක්‍රියාත්මකවීම ඔවුනගේ චින්තනයේ ප්‍රගතියට හේතුවිය.


පොසොන් පුර අටවක

මැයි 27 සෙනසුරාදා පූ.භා.
07.44 න් පුර අටවක ලබා 28 ඉරිදා පූ.භා. 09.57 න් ගෙවේ.
27 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]