[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

මාතර හම්බන්තර දෙදිසාවේ සංඝනායක පදවි ලබන දෙබොක්කාවේ රතනසිරි නාහිමි

මාතර හම්බන්තර දෙදිසාවේ සංඝනායක පදවි ලබන දෙබොක්කාවේ රතනසිරි නාහිමි

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපූජ්‍ය ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක සංඝසභාව මගින් හක්මණ ගංගොඩගම ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති, විශ්‍රාමලත් විදුහල්පති, ශාස්ත්‍රපති දෙබොක්කාවේ රතනසිරි නාහිමිපාණන් වහන්සේ වෙත මාතර හම්බන්තර දෙදිසාවේ සංඝනායක පදවිය පිරිනමා තිබේ. ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු 15 වැනි දින පස්වරු 2.30 ට මහනුවර මල්වතු මහා විහාරයේ රාජාධි රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී සිදු කෙරේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල දෙබොක්කාව ග්‍රාමයේ දී ජයලත් කඩුපිටි ආරච්චිගේ දොන් ගුණපාල නමින් 1952 ඔක්තෝබර් මස 28 වැනි දින උපත ලද නාහිමිපාණන් වහන්සේ 1967 මාර්තු 22 වැනි දින ගංගොඩගම සුදර්ශනාරාමාධිපති පල්ලත්තර පඤ්ඤාතිස්ස මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්ව 1975 ජූනි 13 දින මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලැබූහ.

පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන හා මාතර සුදර්ශී පිරිවෙනින් අධ්‍යාපනය ලබා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිංහල විශේෂවේදී උපාධිය ලබා ඉන්පසු ශාස්ත්‍රපති උපාධියත් ලබා අධ්‍යාපන කටයුතු නිමා කළහ.

අධ්‍යාපනය ලබා ගුරු සේවයට පිවිස ස්වකීය කල්‍යාණමිත්‍ර කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස නාහිමියන්ගේ ඉල්ලීම පරිදි කතරගම ගෝතමීගම කනිටු විද්‍යාලයේ සහ සෙල්ලකතරගම මහා විද්‍යාලයේ ඉගැන්වීම් සිදු කොට 1989 දී හක්මණ කැබිලියපොල ශ්‍රී ගුණානන්ද විද්‍යාලයේ ආචාර්ය හිමිනමක වශයෙන් පත්වීම් ලබා අනුක්‍රමිකව එහි නියෝජ්‍ය විදුහල්පති ධුරය හොබවා විදුහල්පති ධුරයට ද පත්ව 2007 වර්ෂයේ විශ්‍රාම ලැබූහ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති, ශාස්ත්‍රපති රම්මල ධම්මරක්ඛිත හිමි බොරලන්දේ ඉන්දරතන සාමණේර හිමි, තිස්සමහාරාමයේ අනුරුද්ධ සාමණේර හිමි හා සීනිපැල්ලේ ධම්මානන්ද සාමණේර හිමි යන ශිෂ්‍ය හිමිවරුන් සම්බුද්ධ ශාසනයට දායාද කොට තිබේ. අවට විහාරස්ථාන සමග පැවැත්විය යුතු ශාසනික සබඳතා මැනවින් පවත්වා ගෙන යමින් හක්මණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පදවිය ද හොබවන සේක.

මෙලෙස උභය ලෝක ශාසනාර්ථචර්යාවෙහි පිළිපන් බැවින් ප්‍රමෝද්‍යයට පත් මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව මගින් තලාවේ නන්දසාර නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩුව පැවති මාතර හම්බන්තර දෙදිසාවේ සංඝනායක පදවිය සද්ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤාතිස්ස ගෞරව නාමධෙය සහිතව දෙබොක්කාවේ රතනසිරි මාහිමිපාණන් වහන්සේ වෙත පිරිනමන ලදි.

ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය 15 වැනි දින පැවැත්වීමෙන් අනතුරුව අභිනව නාහිමිපාණන් වහන්සේ පිළිගැනීමේ උත්සවයක් මාර්තු මස 19 වන ඉරු දින හක්මණ ලයනල් ජෝර්ජ් සේදර සෙනරත් ශ්‍රවණාගාරයේ දී දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, අග්ගමහා පණ්ඩිත මැටරඹ හේමරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මැදින් පුර පසළොස්වක

මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පුර පසළොස්වක ලබා
07 අඟහරුවාදා අ.භා. 06.09 න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]