[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

ත්‍රිපිටකය ඉගෙනගත් පමණින් මහණකම සම්පූර්ණ වෙන්නේ නෑ

මේ කතා පුවත සිදු වෙලා තියෙන්නේ සද්ධාතිස්ස මහරජතුමාගේ රාජ්‍ය සමයේ. මේ කාලයේ අනුරාධපුරයේ ජීවත් වෙලා තියනවා අමාත්‍ය කුලවලට අයත් බොහෝ පිරිසක්. එක් අමාත්‍ය පවුලකට උපදිනවා රූපයෙන්, නුවණින් පොහොසත් පුතෙක්. ඔවුන් ජීවත් වුණු ගම අයත් වෙලා තියෙන්නේ දක්ඛිණගිරි විහාරය පිහිටි ප්‍රදේශයට යි. පුතාගේ මවත්, පියාත් බුදුන් වහන්සේටත්, ධර්මයටත්, සංඝයාටත් ගෞරව දක්වන ශ්‍රද්ධා සම්පන්නව ජීවත් වන දෙන්නෙක්. ඔවුන්ගේ පුරුද්දක් තිබුණා දිනපතා විහාරයට ගොඩවෙලා ධර්මය අහන්න. පුංචි පුතාත් ටිකෙන් ටික ලොකු වුණා. බුදු බණ පද එකින් එක ඉගෙන ගත්තා. දැනුම් තේරුම් වයසට පත් වුණ ගමන් දෙමාපියන් අමතලා “මෑණියනි, පියාණෙනි, මට පැවිදි වෙන්න අවසර දෙන්න; මට බුදු බණ ඉගෙන ගන්න ඕනෑ"යි පවසා සිටිනවා. මව්පිය දෙදෙනාත් විහාරයට ගිහින් මහතෙරුන් වහන්සේලාට නමස්කාර කරලා දරුවාගේ කැමැත්ත දන්වා සිටියා. පුංචි වයසක සිටියත් හොඳ බුද්ධියක් පිහිටි නිසා වහා ධර්මය අවබෝධ කර ගනීවි”යි තෙරුන් වහන්සේ කල්පනා කරලා සුබ මොහොතක් බලා කාලබුද්ධරක්ඛිත නමින් පැවිදි බිමටත් පත් කළා. බුදු දහම ග්‍රන්ථ ධුරය හා විදර්ශනා ධුරය යනුවෙන් ධුර දෙකකින් යුක්තයි. තරුණ වයසක දී පැවිදි බිමට පත් වුවහොත් ග්‍රන්ථ ධුරය පුරන්න ඕනෑ. මෙහි දී සිදු වන්නේ ත්‍රිපිටකය හොඳින් ප්‍රගුණ කිරීමයි. පුංචි සාමණේරයන් වහන්සේටත් ත්‍රිපිටක දැනුම ලබා දීමට උපාධ්‍යායන් වහන්සේ තීරණය කළා. සෑගිරියේ වැඩ සිටි ප්‍රවීණ තෙරුන් වහන්සේ වෙත යොමු කළා ඉගෙනීම් කටයුතුවලට. වසර කිසිපයක් ගතවන්නටත් පෙර ත්‍රිපිටකය ම හොඳින් ඉගෙන ගත්තා. ඕනෑම ධර්ම කරුණක් පැහැදිලි කරදීමට කාලබුද්ධ රක්ඛිත හිමියන්ට දැන් හැකියාව තිබෙනවා.


නවම් අමාවක

පෙබරවාරි 19 ඉරිදා අ.භා. 04.20 න් අමාවක ලබා 20 සඳුදා
අ.භා. 12.39 න් ගෙවේ.
19 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]