[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

සතුට සෞභාග්‍යය ලබන්න කුඩුකේඩුකම් මඟ හරින්න

“පඤ්චහි ඛෝ ගහපති පුත්ත ඨානේහි - සාමිකේන පච්ජීමාදිසා භරියා පච්චුපට්ඨාතබ්බා - සම්මානනාය, අවමානනාය, අනතිචරියාය ඉස්සරිය වෙස්සග්ගේන - අලංකාරානුප්පදානේන තී.”, අප මහා කාරුණික ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ තරම් මිනිසාගේ සුබසිද්ධිය, යහපත, දියුණුව හා සතුට සඳහා කථා කළ, කරුණු කියා දුන් ශාස්තෘවරයකු මුළු ලෝකයේ ම පහළ වුණේ නැහැ. උන්වහන්සේ මිනිසාගේ ජීවිතයේ හැම පැත්තක් පිළිබඳව ම සොයා බලලයි ධර්ම දේශනා කළේ. උන්වහන්සේ කොසඹෑනුවර වැඩ සිටින සමයේ දිනක් දහවල් දානය වළඳා කොසඹෑනුවර කොහොඹ ගහක් යට විවේක සුවයෙන් වැඩ වදාරනවා. එම නුවර එක්තරා දුප්පත් තරුණයෙක් හා තරුණියක් විවාහවීමට කතිකා කර මේ වනාන්තරය මැදින් ගමන් කරනවා. කොහොඹ රුක යට වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානයට හසු වුණ මේ දෙපළ. මේ තරුණයා කතා කරනවා තම බිරිඳට ඔබටත් කිසිවෙක් නැහැ. මටත් කිසිවෙක් නැහැ යන්න එන්න තැනක් නැහැ. අර ඈත පේන තාපසයා ළඟට ගොස් පිළිසරණක් ලබා ගමු. එහෙම කථිකා කරගෙන මේ දෙපළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කොට ප්‍රකාශ කරනවා. “අප දෙදෙනා හොර රහසේ, මව්පියන්ට නොදන්වා, ඈත පිටිසර පළාතකට ගොස් අඹුසැමියන් ලෙස ජීවත් වෙන්නයි යන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනාට ඉහතින් සඳහන් සූත්‍රයෙන් ධර්ම දේශනා කොට වදාළා. මෙම සූත්‍රයට ජව සූත්‍රය (මළ සූත්‍රය) කියලත් ප්‍රකාශ කරනවා.


නවම් අමාවක

පෙබරවාරි 19 ඉරිදා අ.භා. 04.20 න් අමාවක ලබා 20 සඳුදා
අ.භා. 12.39 න් ගෙවේ.
19 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]