[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

යටාල වෙහෙර වහන්සේ
සේයාරුව නිශ්ශංක විජේරත්න

නවම් අමාවක

පෙබරවාරි 19 ඉරිදා අ.භා. 04.20 න් අමාවක ලබා 20 සඳුදා
අ.භා. 12.39 න් ගෙවේ.
19 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

ත්‍රිපිටකය ඉගෙනගත් පමණින් මහණකම සම්පූර්ණ වෙන්නේ නෑ

මේ කතා පුවත සිදු වෙලා තියෙන්නේ සද්ධාතිස්ස මහරජතුමාගේ රාජ්‍ය සමයේ. මේ කාලයේ අනුරාධපුරයේ ජීවත් වෙලා තියනවා අමාත්‍ය කුලවලට අයත් බොහෝ පිරිසක්. එක් අමාත්‍ය පවුලකට උපදිනවා රූපයෙන්, නුවණින් පොහොසත් පුතෙක්. ඔවුන් ජීවත් වුණු ගම අයත් වෙලා තියෙන්නේ දක්ඛිණගිරි විහාරය පිහිටි ප්‍රදේශයට යි. පුතාගේ මවත්, පියාත් බුදුන් වහන්සේටත්, ධර්මයටත්, සංඝයාටත් ගෞරව දක්වන ශ්‍රද්ධා සම්පන්නව ජීවත් වන දෙන්නෙක්. ඔවුන්ගේ පුරුද්දක් තිබුණා දිනපතා විහාරයට ගොඩවෙලා ධර්මය අහන්න. පුංචි පුතාත් ටිකෙන් ටික ලොකු වුණා. බුදු බණ පද එකින් එක ඉගෙන ගත්තා. දැනුම් තේරුම් වයසට පත් වුණ ගමන් දෙමාපියන් අමතලා “මෑණියනි, පියාණෙනි, මට පැවිදි වෙන්න අවසර දෙන්න; මට බුදු බණ ඉගෙන ගන්න ඕනෑ"යි පවසා සිටිනවා. මව්පිය දෙදෙනාත් විහාරයට ගිහින් මහතෙරුන් වහන්සේලාට නමස්කාර කරලා දරුවාගේ කැමැත්ත දන්වා සිටියා. පුංචි වයසක සිටියත් හොඳ බුද්ධියක් පිහිටි නිසා වහා ධර්මය අවබෝධ කර ගනීවි”යි තෙරුන් වහන්සේ කල්පනා කරලා සුබ මොහොතක් බලා කාලබුද්ධරක්ඛිත නමින් පැවිදි බිමටත් පත් කළා. බුදු දහම ග්‍රන්ථ ධුරය හා විදර්ශනා ධුරය යනුවෙන් ධුර දෙකකින් යුක්තයි. තරුණ වයසක දී පැවිදි බිමට පත් වුවහොත් ග්‍රන්ථ ධුරය පුරන්න ඕනෑ. මෙහි දී සිදු වන්නේ ත්‍රිපිටකය හොඳින් ප්‍රගුණ කිරීමයි. පුංචි සාමණේරයන් වහන්සේටත් ත්‍රිපිටක දැනුම ලබා දීමට උපාධ්‍යායන් වහන්සේ තීරණය කළා.

සතුට සෞභාග්‍යය ලබන්න කුඩුකේඩුකම් මඟ හරින්න

“පඤ්චහි ඛෝ ගහපති පුත්ත ඨානේහි - සාමිකේන පච්ජීමාදිසා භරියා පච්චුපට්ඨාතබ්බා - සම්මානනාය, අවමානනාය, අනතිචරියාය ඉස්සරිය වෙස්සග්ගේන - අලංකාරානුප්පදානේන තී.”, අප මහා කාරුණික ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ තරම් මිනිසාගේ සුබසිද්ධිය, යහපත, දියුණුව හා සතුට සඳහා කථා කළ, කරුණු කියා දුන් ශාස්තෘවරයකු මුළු ලෝකයේ ම පහළ වුණේ නැහැ. උන්වහන්සේ මිනිසාගේ ජීවිතයේ හැම පැත්තක් පිළිබඳව ම සොයා බලලයි ධර්ම දේශනා කළේ. උන්වහන්සේ කොසඹෑනුවර වැඩ සිටින සමයේ දිනක් දහවල් දානය වළඳා කොසඹෑනුවර කොහොඹ ගහක් යට විවේක සුවයෙන් වැඩ වදාරනවා. එම නුවර එක්තරා දුප්පත් තරුණයෙක් හා තරුණියක් විවාහවීමට කතිකා කර මේ වනාන්තරය මැදින් ගමන් කරනවා. කොහොඹ රුක යට වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානයට හසු වුණ මේ දෙපළ. මේ තරුණයා කතා කරනවා තම බිරිඳට ඔබටත් කිසිවෙක් නැහැ. මටත් කිසිවෙක් නැහැ යන්න එන්න තැනක් නැහැ. අර ඈත පේන තාපසයා ළඟට ගොස් පිළිසරණක් ලබා ගමු. එහෙම කථිකා කරගෙන මේ දෙපළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කොට ප්‍රකාශ කරනවා. “අප දෙදෙනා හොර රහසේ, මව්පියන්ට නොදන්වා, ඈත පිටිසර පළාතකට ගොස් අඹුසැමියන් ලෙස ජීවත් වෙන්නයි යන්නේ...

 

මිතුරු වෙසින් සිටින සතුරන් හඳුනාගන්න

බෞද්ධයාගේ ඒකායන අරමුණ නිවනයි. එය සීලයත්, කුසලයත් වැඩි දියුණු කිරීමක් මත යා යුතු ගමනක් වන හෙයින් යහපත් දිවි පැවැත්ම වඩා අත්‍යවශ්‍ය වේ. ඛුද්දක නිකායේ ධම්මපදය තුළ ඇතුළත් 78 වැනි ගාථාවෙන් පොදු ජනයාට දෙන යහපත් සිතිවිලි සමුදායකි. එනම්, පාප මිත්‍රයන් ඇසුරු නොකරන්න. අධම මිතුරන් ඇසුරු නොකරන්න. කලණ මිතුරන්, උතුම් මිනිසුන් ආශ්‍රය කරන්න. යනුවෙන් එම ධම්මපද ගාථාව තුළින් පණිවිඩයක් දෙනු ලබයි. “නභජේ පාපකේ මිත්තේ - න භජේ පුරිසාධමේ, භජේථ මිත්තේ කල්‍යාණේ - භජේථ පුරිසුත්තමේ..“යහපත් සාරධර්ම ඇති පරිපූර්ණ පුද්ගලයකු බවට පත් වීමට නම් ජීවිත පැවැත්මේ සිට සෑම ක්‍රියාවලියක් ම යහපත් විය යුතු ය. එහිදී අප ආශ්‍රය කරන පුද්ගලයන්ගේ බලපෑම අපගේ චර්යා රටාවට බෙහෙවින් බලපායි. වර්තමාන සමාජයේ බොහෝ පුද්ගලයින් නිවැරැදි මිත්‍රයන් ලෙස ගත නො නොහැකි වූව ද සමාජයේ කොන්වීමට භාජනය නොවන ලෙස ඔවුන් අතේ දුරින් තබා ගනිමින් කටයුතු කළ යුතු වේ. තමාගේ වචනය ඔවුන් පිළිගනු ලබන්නේ නම්, ඔවුන් සුමගට ගැනීමට ධර්මාවවාදයක් දීම වැදගත් කරුණක් ලෙස බුදුදහම තුළ පෙන්වා දී ඇත.

 

ජය පරාජය උරුම වන හැටි

ඇඟේපතේ සවිය සැමදා එකසේ නො පවතී. භද්‍ර යෞවනයේ දී ගත රැඳි බාහු බලය කෙමෙන් කෙමෙන් වියැකී යන්නේ හිරු අවරට යන්නා සේ ය. ලෙඩ රෝග, විපත්තීන් අප කරා පැමිණෙන්නේ අනාරාධිතව ය. අප දැනුවත් කිරීමකින් තොරව ය. මේවා මනුෂ්‍ය ජීවිතයක නෛසර්ගික ලක්ෂණ ය. එහෙත් ලෙඩ දුක් ව්‍යාධීන් හා අනපේක්ෂිතව කඩා වැටෙන විපත්තීන් හමුවේ අතමිට හිඟ නොවන විට එහි බරපතලකම සමනය කර ගැනීමට ද පුළුවන. එවන් ආපත්තියක දී උපයා සපයාගත් දෙයක් නොමැති කල එයින් බොහෝ පීඩාවට පත්වේ. හොඳින් සෙවිලි කළ නිවෙස අව්වෙන්, වැස්සෙන්, පින්නෙන් ආරක්ෂිත ය. එපරිද්දෙන් අපේ මනුෂ්‍ය ජීවිතය ද හොඳින් සැලසුම් කොට හෙළි පෙහෙළි කරගෙන ආරක්ෂා කර ගත යුතු ය. බෝසතාණන් වහන්සේ මෙලොව ජනිත වීමට පෙරාතුව තුසිත දෙව්ලොව සිට පස්මහ බැලුම් බැලූහ. පස් මහ බැලුම් නම් කාලය, දීපය, දේශය, කුලය, මව යන කරුණු පහයි. නුසුදුසු කල නුසුදුසු පෙදෙසෙක ඉපදුණහොත් තම අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර ගත නොහැකි ය. එහෙයින් සමාජ ශෝධනයක මුල් ගමන්කරුවා වන්නට, පටු බෙදීම් මනුෂ්‍යත්වයට නිගාවක් බව ලොවට කියා දෙන්නට ඉහත පෙන් වූ පරිදි උසස් කුලයක ගුණ දහමින් අනූන මාපිය යුවලකට දාව උපත ලබන්නට උන්වහන්සේ පස්මහ බැලුම් බැලූහ.

නවම් අමාවක
පෝය දින

Budusarana e-paper

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]