[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ජය පරාජය උරුම වන හැටි

ජය පරාජය උරුම වන හැටි

ඇඟේපතේ සවිය සැමදා එකසේ නො පවතී. භද්‍ර යෞවනයේ දී ගත රැඳි බාහු බලය කෙමෙන් කෙමෙන් වියැකී යන්නේ හිරු අවරට යන්නා සේ ය.

ලෙඩ රෝග, විපත්තීන් අප කරා පැමිණෙන්නේ අනාරාධිතව ය. අප දැනුවත් කිරීමකින් තොරව ය. මේවා මනුෂ්‍ය ජීවිතයක නෛසර්ගික ලක්ෂණ ය. එහෙත් ලෙඩ දුක් ව්‍යාධීන් හා අනපේක්ෂිතව කඩා වැටෙන විපත්තීන් හමුවේ අතමිට හිඟ නොවන විට එහි බරපතලකම සමනය කර ගැනීමට ද පුළුවන. එවන් ආපත්තියක දී උපයා සපයාගත් දෙයක් නොමැති කල එයින් බොහෝ පීඩාවට පත්වේ.

හොඳින් සෙවිලි කළ නිවෙස අව්වෙන්, වැස්සෙන්, පින්නෙන් ආරක්ෂිත ය. එපරිද්දෙන් අපේ මනුෂ්‍ය ජීවිතය ද හොඳින් සැලසුම් කොට හෙළි පෙහෙළි කරගෙන ආරක්ෂා කර ගත යුතු ය.

බෝසතාණන් වහන්සේ මෙලොව ජනිත වීමට පෙරාතුව තුසිත දෙව්ලොව සිට පස්මහ බැලුම් බැලූහ. පස් මහ බැලුම් නම් කාලය, දීපය, දේශය, කුලය, මව යන කරුණු පහයි. නුසුදුසු කල නුසුදුසු පෙදෙසෙක ඉපදුණහොත් තම අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර ගත නොහැකි ය. එහෙයින් සමාජ ශෝධනයක මුල් ගමන්කරුවා වන්නට, පටු බෙදීම් මනුෂ්‍යත්වයට නිගාවක් බව ලොවට කියා දෙන්නට ඉහත පෙන් වූ පරිදි උසස් කුලයක ගුණ දහමින් අනූන මාපිය යුවලකට දාව උපත ලබන්නට උන්වහන්සේ පස්මහ බැලුම් බැලූහ.

මෙවැනි සිද්ධීන් තුළින් අපට ගත හැකි පාඩම් බොහෝ ය. යමක් කරන්නට පෙර හොඳින් සිතා බලා හරියාකාරව කිරීමට පුරුදු පුහුණුවීම දෙලොව අභිවෘද්ධියට ම හේතු වෙයි.

එහෙයින් ම ඇඟේපතේ සවිබල ඇති කල එයින් නියම ඵල ප්‍රයෝජන ලබා ගත යුතු ය. අව්ව තියෙද්දී සේදූ රෙදි පිළි වියළාගත හැකි සේ ය.

සකල සත්වග කෙරේ පතළ පුත්‍ර ස්නේහයෙන් තථාගතයන් වහන්සේ වදාළ මේ උතුම් සදුපදේශයන් දිවි මඟට බද්ධ කරගත් නුවණැතියෝ ම දෙලොව ජය ගනිති, දිනති. එවන් මහර්ඝ උපදෙස් බැහැරලුවෝ දුකේම ගැලෙති. ඔවුනට මෙලොව ද දුකකි. පරලොව ද දුකකි.

නවම් අමාවක

පෙබරවාරි 19 ඉරිදා අ.භා. 04.20 න් අමාවක ලබා 20 සඳුදා
අ.භා. 12.39 න් ගෙවේ.
19 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]