[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

ආයු වර්ණාදියෙන් සකල විපුලත්වයන් හසරැල් මතින් ලබන්නට ...

වාසනාව යනු පෙර කළ පින් ඇති බවයි. පින්බල ලැබෙන විට ජීවිතය හැම අතින්ම වාසනාවන්ත වේ. පී‍්‍රතිපූර්ණ වේ. ලෞකික මෙන්ම ලෝකෝත්තර සුව සහනයන් ලැබෙන්නේ ද පුරාකෘත පුණ්‍ය ශක්තියක් හිමි පුද්ගලයාට පමණි. මෙලොවින් ආයු වර්ණාදියත්, පරලොවින් සුගතියත්, අවසන නිර්වාණ ශාන්තියත් අපේක්ෂා කරන ඥානවන්තයා මොහොතින් මොහොත ජීවිතය පිනෙන් පුරවාගත යුතු ය. මනබඳින රූපය, මිහිරි කටහඬ, දැකුම්කලු දේහ විලාසය, උසස් කුලයක ජන්ම ලාභය, ආදරණීය හා කීකරු ස්වාමි භාර්යාවන්, දූ දරුවන් ලැබීම, පිරිස් බලය හා ධන බලය, නිදුක් නීරෝගි බව හා දිගාසිරි ලැබීම, බහුශ්‍රැත භාවය හා ශාස්ත්‍ර ඤාණය ආදිය පින්පල පිළිඹිබු කරන අවස්ථාවන් ය. ධ්‍යාන, විමෝක්ස, සමාධි, සමාපත්ති හා නිර්වාණාවබෝධය කළ පින් ඇති වාසනාවන්තයාට ලැබෙන අලෞකික සුවයන් ය. එකී නොකී ලොව්තුරා ඉහළම භාග්‍යය ද, මහා ගෞතම බුදුරජාණන් වහන්සේ තරම් ගිහි සුව හා පැවිදි සුව ඉහළින් ම වින්දනය කළ අන් කිසිවකු මිහිපිට හෝ දෙව්බඹලොව නැත්ම ය. දුකෙහි බිහිසුණු බව හා සුවයෙහි මිහිර මනාව අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ සැප කැමැති මිනිසාට ආයු ආරෝග්‍යාදී මෙලොව සුවය පිණිසත්, ස්වර්ගමෝක්ෂ සම්පත්තිය පිණිසත් නොවරදින මාවත පෙන්වා වදාළහ. මිනිසත් භාවයෙහි දුර්ලභ භාවය පෙන්වා, ලැබූ ජීවිතය රෝග පීඩාදියෙන් හා අකල් මරණයෙන් මුදාගෙන සැනසිල්ලේ දිවි ගෙවීමට හේතුවන කරුණු මනාව උගන්වා වදාළහ. ඒ අනුව අඩු වයසින් නොමැරෙනු කැමති පුද්ගලයා තමා කෙරෙහි පිහිටුවා ගත යුතු කරුණු කිහිපයක් අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ වදාරා ඇත. සප්පායකාරී වීම එහිලා පළමුවන කාරණයයි. එනම් අපත්‍ය වූ ආහාරපානාදියෙන් වෙන් වීමයි. තමාගේ ශරීරයට යෝග්‍ය වූ ආහාර රටාවකට පුරුදුවීම මඟින් නීරෝගි සුවය පවත්වා ගත හැකි ය.


දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]