[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

කඳුළු කතාවක් නොවන යුගදිවියක පදනම සැළමුතු ප්‍රේමයයි

කඳුළු කතාවක් නොවන යුගදිවියක පදනම සැළමුතු ප්‍රේමයයි

රූපෙන භික්ඛවෙ ඉත්ථි පුරිසං බන්ධති - හසිතෙන භික්ඛවෙ ඉත්ති පුරිසං බන්ධති
භන්තෙන භික්ඛවෙ ඉත්ථි පුරිසං බන්ධති - ගීතෙන භික්ඛවෙ ඉත්ථි පුරිසං බන්ධති
රුණ්ණේන භික්ඛවෙ ඉත්ථි පුරිසං බන්ධති - ආකප්පෙන භික්ඛවෙ ඉත්ථි පුරිසං බන්ධති
ඵස්සෙන භික්ඛවෙ ඉත්ථි පුරිසං බන්ධති
ඉත්ථි බන්ධන සූත්‍රය

බුදුවරු ලොවට පහළ වන්නේ මිනිසුන් විඳින අතෘප්තිය හෙවත් දුක සංසිඳුවාලීම සඳහායි. සියලු ආකාරයේ අතෘප්තීන් වෙතින් මිදෙන මඟ බුදුපියාණන් ලොවට වදාළා.

ඒ අනුව යුග දිවියෙහි අතෘප්තීන් දුරු කර නොගත’හොත් මුළු දිවියක් පුරා කඳුළු පෙර පෙරා අසහනයෙන්, ක්‍රෝධයෙන් සහ එකිනෙකාට වෛර කර ගනිමින් ජීවත් වන්නට සිදු වේවි.

ඔබ වුවමනාවෙන් ම ඒ අතෘප්තිය කරා ගමන් කරන්නේ ඔබේ නොදැනීම නිසා. සමහර කෙනෙක් අකුසල කර්ම හේතුවෙන් යුගදිවිය අපායක් කර ගෙන තිබෙනවා. ඒත් ඒ අමිහිරි අකුසලයන් පරාජය කරන්නත් අවබෝධයෙන් ජීවත්වන ප්‍රඥාවන්ත මනුෂ්‍යයාට හැකි වෙනවා.

විශේෂයෙන් යුගදිවියට පිවිස ඉතාම ඉක්මනින් දික්කසාදය ඉල්ලා උසාවි ගානේ පෙළ ගැසෙන තරුණ පරම්පරාව එන්න එන්නම වැඩි වෙලා තිබෙනවා. බෞද්ධ රටක එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්.

කඳුළු ගඟක ඇරඹුම

සාර්ථක විවාහයක් සඳහා සටකපට බවින් තොර ප්‍රේමයක් අවශ්‍ය වෙනවා. අපේ සාහිත්‍යකරුවන් එය හැඳින්වූයේ සැළමුතු පෙම (කව්සිළුමිණ) වශයෙන්. පේ‍්‍රමය, අව්‍යාජ වෙන්න ඕනෑ. පේ‍්‍රමයේ ව්‍යාජත්වය පසුකාලීනව විවාහ ජීවිත බිඳ වැටීමට හේතු වෙනවා. පේ‍්‍රමවන්තයන්, පේ‍්‍රමවන්තියන් එය විනෝදයට, ආවට ගියාට නැත්නම් යෞවනත්වයේ අංගයක් ලෙස කිරීම හෝ කරන්නට යාම අවසානයේ කඳුළු ගංගා බවට පෙරළෙනවා.

බිඳෙන බන්ධන

මේ නිසා හොඳ පේ‍්‍රමයක් ගොඩනඟා ගන්නට යාමේ දී සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණු රාශියක් ම බුදුපියාණන් වහන්සේ ඉත්ථි බන්ධන සූත්‍රයෙහි වදාළා.

යහපත් යුග දිවියක පදනම පේ‍්‍රමය වන බැවින් එය අර්ථවත් ලෙස සකසා ගන්නට මේ සූත්‍රයෙන් ඉතා වැදගත් මඟ පෙන්වීමක් අපට ලබා දෙනවා. මේ අනුව බුදුරජාණන් වහන්සේ ස්ත්‍රී පුරුෂයන් වහා බන්ධනයට පත් කෙරෙන කාරණා අටක් පෙන්වා වදාළා. එම කාරණා වන්නේ,

රූපෙන – රූපය,

හසිතෙන – සිනහව,

ගීතෙන – කටහඬ,

රුණ්ණේන – හැඬීම,

භණ්තෙන –කථාව, ආකප්පේන – ඇවතුම් පැවතුම්, වනභංගෙන – පි‍්‍රයමනාප දේ (ආහාර) ඵස්සේන – ස්පර්ශය .

මේ කාරණා අට හැම කල්හිම ස්ත්‍රී පුරුෂයන් එකිනෙකා වහාම බන්ධනයට ලක් කරවන ඒවායි. එහෙත් මේ කිසිවක් ස්ථාවර විවාහයකට එතරම් අදාළ කරුණු නොවෙයි. රූපය යුගදිවියට අත්‍යවශ්‍ය කාරණාවක් වන්නේ නැහැ.

රූප සෞන්දර්ය සදාකල් පවතින්නේ නැහැ. රූපය මායාවක්. වහා ම වෙනස් වෙනවා. රූපයට හෙවත් රූමත් බවට ආදරය කරන කෙනෙක් ඔහුගේ හෝ ඇයගේ ගුණවත් බව නොවිමසා පේ‍්‍රමයක් ගොඩනඟා ගැනීමෙන් පසුකාලීනවයි අර්බුද ඇති කර ගන්නේ. එබැවින් රූපයට මුළා නොවිය යුතු වෙනවා.

හලාහල විෂ

හිනාවත් ඉතාම ආකර්ෂණීය දෙයක්. හිනාවම කෙනකුගේ සිත් ගන්න හේතු වෙනවා. ඒත් මතුපිට සිනහවේ නොපෙනෙන හලාහල විෂ හදවතේ තිබෙන්න පුළුවන්. ඒ නිසයි බුදු හිමියන් හිනාවට මුළා නොවන්නැයි වදාළේ.

කථාව තුළ බොහෝ පොරොන්දු තිබෙන්න පුළුවන්. සිත් ගන්නා පරිදි කතා කරන්න පුළුවන්. ඒත් ඒ කතාවන්ට මුළා නොවිය යුත්තේ තමන්ගේ කථාවන් ඔස්සේ ව්‍යාජ ලෝකයන් මවා පෙන්වන නිසයි. ඇතැම් විට තමන්ගේ දුබලතා, නොහැකියා තර්කයන් බිඳින්න පුළුවන් ඇතැම් කටකාර තරුණ තරුණියන් සමාජයේ දී අපට දැකිය හැකි යි.

කියන සියල්ල සත්‍ය ලෙස සිතා කිසිවක් නොසොයා පේ‍්‍රමය ගොඩනඟා ගැනීමෙන් එය ස්ථාවර විවාහයකට බාධා ඇති කළ හැකියි.

නොබිඳෙන ප්‍රේමයකට මුල් වන තවත් කරුණු පිළිබඳ නවම් පුර පසළොස්වක පෝදා පුවත්පතින් කියවමු.

දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]