[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ඉවසමු සැනසෙමු දෙලොව ම ජය ගමු...

ඉවසීම උතුම් සීලය යි. ඉවසීම උතුම් තපස යි. ඉවසන්නා පරිපූර්ණයෙකි. පිරුණු මනසක් ඇත්තාට ඉවසීම පහසු ය. හැඬිය යුතු තැන හඬා නොවැටීමත්, නින්දා කළ යුතු තැන නින්දා නොකර සිටීමත්, දරාගත යුතු තැන නිසි සේ දරා ගැනීමට සිත සකස් කර ගැනීමත් ඉවසන්නකු හඳුනාගත හැකි ප්‍රබලතම කාරණා ලෙස දැක්විය හැකි ය. බෝධිසත්ව අවධිය තුළ බෝධිසත්වයන්ගේ සය වසරක දුෂ්කර ක්‍රියා කාල පරිච්ඡේදය ඉවසීම පිළිබඳ මනා පිළිබිඹුවකි. ඇසතු බෝ රුක මුල වැඩසිටි බෝධිසත්වයෝ මාගේ ශරීරයේ ඇස්, හිස්, මස්, ලේ වියළී ගියත් බුදු වී මිස නො නැඟිටිමි යැයි අධිෂ්ඨාන කරන්නේ සාමාන්‍ය පුද්ගල මානසිකත්වය ඉක්මවාලමිනි. එවැනි ඉවසීමක් කළ හැක්කේ ද පාරමිතා පුරන ලද ශ්‍රේෂ්ඨයකුට පමණකි. අධිෂ්ඨානය, ඉවසීම හා බද්ධ වූ මානවිය ගුණාංගයකි. ඉවසීම ඇති තැන අධිෂ්ඨානශීලී බවත්, අධිෂ්ඨානය ඇති තැන ඉවසීමත් අනිවාර්යයෙන් ම පැවතිය යුත්තකි. අංගුලිමාල දමනය, සුන්දරී පරිබ්‍රාජිකාවගේ ක්‍රියා කලාපය, මාගන්දියා බැමිණියගේ කලහකාරි හැසිරීම, දෙව්දත් තෙරුන්ගේ ක්‍රියා කලාපය, වේරංජා නුවර වස් වාසය බුද්ධ චරිතය තුළ ඉවසීම ප්‍රකට වන අවස්ථා කීපයකි. විශේෂයෙන් ම බුදුරජාණන් වහන්සේ පැවිද්දන් ඉවසිය යුතු බව පෙන්වා දෙන අතර, ඒ සඳහා කරුණු කාරණා රාශියක් පෙන්වා දෙයි. බොහෝ කලක් මහණදම් පිරීමට ඉවසීම නැත්තකුට බැරි බව වදාළහ. එසේම මහණකමට ඔරොත්තු දෙන පුද්ගලයකු වීමට ද, ඉවසීම අත්‍යවශ්‍යම කාරණාවක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.


දුරුතු පුර අටවක පෝය

 දෙසැම්බර් 29 බ්‍රහස්පතින්දා අ.භා. 07.25 පුර අටවක ලබා
30 සිකුරාදා අ.භා. 06.41 ගෙවේ.
30 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]