[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයේ උපදේශක පාලක සභාවේ ගරු සාමාජිකාවක වන, ඉංජිනේරු චිත්‍රා රංජනී කුලතුංග බොතේජු මහත්මිය පසුගියදා බෞද්ධ මහා සම්මේලනයෙන් ශාසන අභිවර්ධන කීර්ති ශ්‍රී යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීය. දහම් පාසල් ආචාර්යවරියක ලෙස දීර්ඝ කාලයක් සේවය කරන ඇය සමාජ සේවිකාවකි. කථනායක ධුරන්දර මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ සුරතින් ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

පූජාභූමි 14 ට සන්නස්පත්‍ර ප්‍රදානය කෙරුණ වගයි

අප මුතුන් මිත්තෝ ඉතිහාසයේ පියගැටපෙළ නිර්මාණය කළෝ ය. අපි ඔවුන්ගේ දරු මුණුපුරන් වෙමු. එකී උරුමයන් මතු පරපුරට ආරක්ෂා කර දීම අපේ වගකීම වන්නේ ය. එදා අපේ රජ දරුවෝ පුදබිම් උදෙසා නින්දගම් ඉඩකඩම් පැවරීම සිදුකළහ. අධිරාජ්‍යවාදී ආක්‍රමණයත් සමඟ විහාරස්ථානවල ඉඩකඩම් අක්කර ලක්ෂ ගණන් අහිමි විය. ඒවා නැවත විහාරස්ථානවලට පවරා ඓතිහාසික උරුමයන් ආරක්ෂා කර මතු පරපුරට දායාද කිරීමේ කටයුතු විටින් විට සිදු කෙරෙමින් පවතී. එහි දිගුවක් ලෙස බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශය මඟින් ඉකුත් 25 වැනි දා විහාරස්ථාන දාහතරක් පූජාභූමී බවට ප්‍රකාශයට පත්කළ සන්නස් පත්‍ර ප්‍රදානය අරලියගහ මන්දිරයේ දි සිදුකෙරිණි. රත්නපුර කූරගල රාජමහා විහාරය, කුරුණෑගල නිකසලා නුවර රාජමහා විහාරය, මැද්දේපොල රාජමහා විහාරය, බිංගිරිය දේවගිරි රාජමහා විහාරය, කොටහේන පරමානන්ද පුරාණ විහාරය, කෑගල්ල මාම්පිට ගල්ලෙන් රාජමහා විහාරය, අම්පාර මගුල් මහා විහාරය, පියංගල රාජමහා විහාරය, මාතර කොළවෙනිගම රාජමහා විහාරය, ත්‍රිකුණාමලය ඇතානැඟි කන්ද පුරාණ රාජමහා විහාරය, බඹරගල ආරණ්‍ය සේනාසනය, සංඛමලේ රාජමහා විහාරය, ත්‍රිකුණාමලය ආසිරිකන්ද රාජමහා විහාරය, ත්‍රිකුණාමලය නාගලෙන රාජමහා විහාරය යන විහාරස්ථාන ඒ අතර විය. ලංකාවේ පළමු පූජාභූමි සංවර්ධන අමාත්‍යවරයා ලෙස මෙන්ම වැඩිම පූජාභූමි ගණනක් ප්‍රකාශයට පත්කොට සංවර්ධනය කළ අමාත්‍යවරයා ලෙස වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ප්‍රදානය සිදුවීම ද විශේෂත්වයක් විය.


දුරුතු පුර අටවක පෝය

 දෙසැම්බර් 29 බ්‍රහස්පතින්දා අ.භා. 07.25 පුර අටවක ලබා
30 සිකුරාදා අ.භා. 06.41 ගෙවේ.
30 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]