[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාභූමි 14 ට සන්නස්පත්‍ර ප්‍රදානය කෙරුණ වගයි

පූජාභූමි 14 ට සන්නස්පත්‍ර ප්‍රදානය කෙරුණ වගයි

අප මුතුන් මිත්තෝ ඉතිහාසයේ පියගැටපෙළ නිර්මාණය කළෝ ය. අපි ඔවුන්ගේ දරු මුණුපුරන් වෙමු. එකී උරුමයන් මතු පරපුරට ආරක්ෂා කර දීම අපේ වගකීම වන්නේ ය. එදා අපේ රජ දරුවෝ පුදබිම් උදෙසා නින්දගම් ඉඩකඩම් පැවරීම සිදුකළහ. අධිරාජ්‍යවාදී ආක්‍රමණයත් සමඟ විහාරස්ථානවල ඉඩකඩම් අක්කර ලක්ෂ ගණන් අහිමි විය. ඒවා නැවත විහාරස්ථානවලට පවරා ඓතිහාසික උරුමයන් ආරක්ෂා කර මතු පරපුරට දායාද කිරීමේ කටයුතු විටින් විට සිදු කෙරෙමින් පවතී.

එහි දිගුවක් ලෙස බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශය මඟින් ඉකුත් 25 වැනි දා විහාරස්ථාන දාහතරක් පූජාභූමී බවට ප්‍රකාශයට පත්කළ සන්නස් පත්‍ර ප්‍රදානය අරලියගහ මන්දිරයේ දි සිදුකෙරිණි.

රත්නපුර කූරගල රාජමහා විහාරය, කුරුණෑගල නිකසලා නුවර රාජමහා විහාරය, මැද්දේපොල රාජමහා විහාරය, බිංගිරිය දේවගිරි රාජමහා විහාරය, කොටහේන පරමානන්ද පුරාණ විහාරය, කෑගල්ල මාම්පිට ගල්ලෙන් රාජමහා විහාරය, අම්පාර මගුල් මහා විහාරය, පියංගල රාජමහා විහාරය, මාතර කොළවෙනිගම රාජමහා විහාරය, ත්‍රිකුණාමලය ඇතානැඟි කන්ද පුරාණ රාජමහා විහාරය, බඹරගල ආරණ්‍ය සේනාසනය, සංඛමලේ රාජමහා විහාරය, ත්‍රිකුණාමලය ආසිරිකන්ද රාජමහා විහාරය, ත්‍රිකුණාමලය නාගලෙන රාජමහා විහාරය යන විහාරස්ථාන ඒ අතර විය.

ලංකාවේ පළමු පූජාභූමි සංවර්ධන අමාත්‍යවරයා ලෙස මෙන්ම වැඩිම පූජාභූමි ගණනක් ප්‍රකාශයට පත්කොට සංවර්ධනය කළ අමාත්‍යවරයා ලෙස වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ප්‍රදානය සිදුවීම ද විශේෂත්වයක් විය.

අමරපුර සිරි සද්ධම්ම යුක්තික මහා නිකායේ අනුනායක පූජ්‍ය අම්බලන්ගොඩ සද්ධර්මාභිධානී මාහිමියන් ප්‍රධාන එම විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේගේ සහභාගිත්වයෙන්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ආරාධනයෙන් පැවැති, මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ඩී.බී. හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමලවීර දිසානායක, සමන්ප්‍රිය හෙරත්, යදාමිනී ගුණවර්ධන, කපිල අතුකෝරාල, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ යන අය ඊට සහභාගි වූහ.

උඳුවප් අව අටවක පෝය

 දෙසැම්බර් 16 සිකුරාදා පූ.භා. 01.39 අව අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 03.02 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]