[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සසර පුරා පසුපස එන වරද නිවැරැදි ලෙස දැකීමේ විපාක

අපේ බුදුරජාණන් වහන්සේ පහළ වන්නට පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණා. උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු තරුණ සහෝදරයෝ දෙදෙනෙක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සංඝ ශාසනය කෙරෙහි පැහැදිලා එක් භික්ෂුවක් වෙත එළැඹිලා පැවිදි වෙන්න ඕනෑයි අදහසක් ඉදිරිපත් කළා. තෙරුන් වහන්සේත් ඔවුන් දෙදෙනා පැවිදි බිමට පත් කළා. වැඩිමහල් සහෝදරයා ‘සෝධන භික්ෂුව’ නමින් ප්‍රසිද්ධ වුණා. බාල සහෝදරයා ‘කපිල හාමුදුරුවෝ’ නමින් ප්‍රසිද්ධ වුණා. මේ අයගේ මවත්, සහෝදරියත් පැවිදි වෙන්න ඕනෑ යැයි කියලා මෙහෙණි සසුනේ පැවිදි භාවය ලබා ගන්නවා. මේ සිවු දෙනාම ශාසන බ්‍රහ්ම චරියාවේ හැසිරෙමින් කටයුතු කරගෙන යනවා. සහෝදරයෝ දෙන්නා දවසක් එකතු වෙලා සාකච්ඡා කරනවා මේ ශාසනයේ ප්‍රතිපදා කොපමණ තියනවාද කියලා. වැඩිහිටි තෙරුන් වහන්සේලාගෙන් දැනගන්න ලැබෙනවා ධුර දෙකක් තියනවා කියලා. එකක් විදර්ශනා ධුරය යි. අනෙක ග්‍රන්ථ ධුරය යි. වැඩිමහලු සහෝදරයා වූ සෝධන හාමුදුරුවෝ කල්පනා කරනවා ‘මම දැන් බොහෝ වයසට පත්වයි සිටින්නේ. ග්‍රන්ථ ධුරය පිරීමට කාලයක් නෑ. ඒ නිසා විදර්ශනා ධුරය පුරනවා’යි තීරණය කරලා විදර්ශනා භාවනා වඩා නොබෝ කලකින් ම උතුම් අර්හත් භාවයට පත් වෙනවා. බාල සහෝදරයා වන කපිල හාමුදුරුවෝ සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය අධ්‍යනය කරමින් ග්‍රන්ථ ධුරය පිරීමට තීරණය කළා. ඒ අනුව උන්වහන්සේත් උත්සාහයෙන්, දැඩි කැපවීමෙන් ධර්මය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත්තා. උන්වහන්සේගේ උගත්කම ගැන ගම් පළාතෙත්, ප්‍රදේශයේත්, සෙසු ගම් දනව්වලත් කීර්ති රාවයක් පැතිරිලා ගියා.


ඉල් පුර අටවක පෝය

 නොවැම්බර් 01 අඟහරුවාදා පූ.භා. 01.14 පුර අටවක ලබා එදිනම අ.භා. 11.07 ගෙවේ.
01 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]