[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සැබෑ බලවතා හඳුනා ගන්නේ මෙලෙසයි

සිතට නැඟී එන කෙලෙස් විනාශ කරමින්, අලෝභ ආදී කුසල සිතිවිලි මතු කරමින් කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව ඇති කර ගැනීම සම්පක්ඛන්ධන ශ්‍රද්ධාව යි. සැබෑම බෞද්ධයකු නම් ඔහු තුළ මෙකී ශ්‍රද්ධාව තිබිය යුතු ම ය. සමාජයේ විවිධ ධනවතුන් හා බලවතුන් දක්නට ඇත. ඔවුන් සමහර විට විවිධ හේතූන් මුල් කරගෙන එකී තත්ත්වයට පත් වී තිබේ. ඒ අතරින් යහපත් මෙන් ම අයහපත් පිරිස් ද දක්නට ඇත. ඇතැම් ධනවතුන් හා බලවතුන් නොමනා ක්‍රියාදාමයන් කොට එම තරාතිරම් හිමි කරගෙන ඇත. මෙයින් සමාජයට මෙන්ම රටට ද කිසිදු ප්‍රයෝජනයක්, යහපතක් නොවෙයි. බෞද්ධයෙක් හැටියට සැබෑ ම ධනවතෙක් හා බලවතෙක් වීමට නම් ඔවුන් ධර්මානුකූල විය යුතු ය. එවිට ඔවුන් සමාජයට මෙන් ම රටට ද වැදගත් වෙයි. තව ද මෙකී පුද්ගලයන් නිසාවෙන් සමාජය දුෂ්චරිතයන්ගෙන් තොරව සුචරිතවත් බවට පත් වේ. බුදුන් වහන්සේ ධනවතකු හා බලවතකු වීමට අවශ්‍ය ධර්ම කරුණු කිහිපයක් සූත්‍ර පිටකයේ සංඛිත්ත සත්ත බල සූත්‍රය තුළ දී පෙන්වා දී තිබේ. මෙම ධනය හා බලය නැති ජීවිතය හිස් වූවක් මෙන් ම දිළිඳු වූවක් බව උන්වහන්සේ දේශනා කර ඇත. එම සූත්‍රය තුළ පෙන්වා දී ඇති එම බල හා ධන එනම්, ශ්‍රද්ධාව, සීලය, හිරි, ඔත්තප්ප, සුත, චාග හා ප්‍රඥා ය. මෙකී කාරණාවලින් ධර්මානුකූල ව යම් කෙනෙක් කටයුතු කරයි නම්, ඔහු හෝ ඇය සැබෑ ම ධනවතකු හා බලවතකු වන බව මෙම සූත්‍රය තුළ දී පෙන්වා දී ඇත. පැහැදීම - ශ්‍රද්ධාව යනු අපේ සිතේ ඇති වන සිතිවිල්ලකි. අභිධර්මය තුළ මෙය චෛතසිකයක් ලෙස ද දක්වයි. සැබෑවට ම ශ්‍රද්ධාව යනු තුනුරුවන්ට ඇති ගෞරවය හා භක්තිය යි.


ඉල් පුර අටවක පෝය

 නොවැම්බර් 01 අඟහරුවාදා පූ.භා. 01.14 පුර අටවක ලබා එදිනම අ.භා. 11.07 ගෙවේ.
01 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]