[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුක හඳුනාගෙන ජීවිතයට සතුටින් මුහුණ දෙමු

දුක හඳුනාගෙන ජීවිතයට සතුටින් මුහුණ දෙමු

දුක අවබෝධ කරගෙන ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද? සැප ඉදිරියේ මිනිසා සතුටින් මුහුණ දෙන අතර, දුක් ඉදිරියේ හඬා වැළපෙනවා. මේ ජීවිතය හිමි වුණේ ඉතාම දුර්ලභව යි. ඒ මිනිස් ජීවිතයට අවබෝධයෙන් යුතුව, උපේක්ෂාවෙන් යුතුව මුහුණ දෙන්නේ කෙසේදැයි අප විසඳා ගත යුතු වෙනවා.

මේ ජීවිතය කෙටි කාලය යි. බෞද්ධ ධර්මයට අනුව මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ඉතාම දුර්ලභ යි. එය ධර්මයේ විවරණය වන්නේ කණ කැස්බෑවා විය සිදුරෙන් එළිය බලනවාටත් වඩා අපහසු ලෙසටයි.

මෙලෙස ඉතාමත් අපහසුවෙන් ලද මනුෂ්‍ය ජීවිතය වුව ද ආයු වශයෙන් ඇත්තේ ඉතාමත් කෙටි කාලය යි. ඒ කෙටි කාලය අවුරුදු සියයට අඩු කාලයක් යැයි සිතමු. ඉගෙනීම, රැකියාව ආදී වශයෙන් ජීවිතයේ සෑහෙන කාලයක්, එනම් ජීවිතයෙන් තුනෙන් එකක් පමණ වැය කළ යුතු වෙනවා.

ධර්මානුකූලව සතුටින් ජීවිතය පවත්වන්නට නිසි ධනයක් උපයා ගැනීම පිණිස තවත් සෑහෙන කාලයක් ගත කළ යුතු යි. මේ නිසා ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගෙන සතුටින් ජීවිතය පවත්වන්නේ කෙසේදැයි අප විසින් තේරුම් ගත යුතු වෙනවා.

ඉපදීම දුකකි. ලෙඩවීම දුකකි. අපි‍්‍රයයන් හා එක්වීම දුකකි, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකකි යනාදී කරුණුවලින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ජීවිතයේ අනිත්‍ය බවයි. ජීවිතයේ සතුට මෙන් ම දුක ද ලැබීම සොබා දහම් නියතය යි. එනිසා අපගේ ජීවිතය ගැන ධර්මාවබෝධයෙන්, ඉතා මැනවින් තේරුම් ගැනීම කළ යුතු වෙනවා. විපතේ දී හඬා වැළපීම්, දුකේ දී දිවි නසා ගැනීම් ආදිය බහුලව දකින්නට ලැබෙන්නේ ධර්මය තේරුම් නො ගැනීම නිසයි.

ජීවිතයට පැමිණෙන සියලු බාධක, කම්කටොලුවලට මුහුණ දෙන්නේ කෙසේ දැයි තේරුම් නො ගැනීම අප දුකට පත්වන ප්‍රබලම කරුණකි.

ලාබ - අලාභ, යස - අයස, නින්දා - ප්‍රශංසා, දුක - සැප ආදී වශයෙන් ධර්මතා අටකට මුහුණ දීමට අපට සිදුවේ. එහිදී උපේක්ෂා සහගත බව අත්‍යවශ්‍ය ය. සෑම අවස්ථාවකට ම මුහුණ දීමට හැකිවන ලෙස අපගේ සිතිවිලි කළමණාකරණය කර ගත යුතු ය. එවිට දුර්ලභව ලද මේ මිනිස් ජීවිතය තුළ ගෙවන ඉතාම කෙටි කාලය අර්ථවත්ව ගත කිරීමට හැකි වනු ඇත.

ඉල් පුර අටවක පෝය

 නොවැම්බර් 01 අඟහරුවාදා පූ.භා. 01.14 පුර අටවක ලබා එදිනම අ.භා. 11.07 ගෙවේ.
01 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]