[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ඇසුරු කරන අය නිවැරැදිව හඳුනාගත යුතු ඇයි?

දිනක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් මෙලෙස ඇසූහ. භාග්‍යවතුන් වහන්ස, මේ සම්බුද්ධ ශාසනය හරි අඩක් ම පවතින්නේ කල්‍යාණ මිත්‍රයා මත යි. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දුන්නේ මෙලෙසයි. ආනන්ද එහෙම කියන්න එපා. මේ සම්බුද්ධ ශාසනය පවතින්නේ සම්පූර්ණ කල්‍යාණ මිත්‍ර ඇසුර නිස යි. මෙම පුංචි සංවාදයෙන් සියලුම ලෝකවාසී ශ්‍රාවකයින්ට වටිනා ගැඹුරු පණිවිඩයක් සන්නිවේදනය කරන්නේ ය. ඒ යහපත් දිවිපෙවෙතක් සංවර්ධනය කර ගැනීමට කල්‍යාණ මිත්‍රයාගේ මඟ පෙන්වීම අත්‍යවශ්‍ය බවයි. අස්ථානයේ යෙදෙන පුද්ගලයා ඉන් මුදවාගෙන ස්ථානයෙහි තැබීමට වෙර දරන අවංක පුද්ගලයා කල්‍යාණ මිත්‍රයා යි. ඔහු හොඳ නරක, කළ යුතු නොකළ යුතු දෙය, කිවයුතු, නොකිය යුතු, නොසිතිය යුතු, සිතිය යුතු දෙය කියා දෙයි. එහෙත් හොඳ කල්‍යාණ මිත්‍රයා අවුරුදු ගණනාවක් ඇසුරු කළත් හඳුනාගත නොහැකි ස්වභාවයක් පවතී. එයට හේතුව වී ඇත්තේ බොහෝ දෙනා තම තමන්ගේ පටු අර්ථයන් සාධනය කර ගන්නා තුරු කල්‍යාණ මිත්‍ර ස්වරූපයෙන් රංගනයක යෙදෙන නිසයි. අපගේ ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයා ලෙස හැඳින්විය හැක්කේ බුදුපියාණන් වහන්සේ ය. උන්වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ගඨීකාර සූත්‍රයේ සඳහන් අපූරු කථාවක් තුළින් කියැවෙන්නේ කල්‍යාණ මිත්‍රයාගේ උසස් ලක්ෂණයන් ය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දවස ගඨීකාර සහ ජෝතිපාල යන දෙදෙනා හොඳම යාළුවෝ වූහ. ගඨීකාර දිනක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට යමුයි කියල යහළුවා වන ජෝතිපාලට යෝජනා කළා. නමුත් ඔහුගේ පිළිතුර වූයේ “වැඩක් නෑ. ඔය මුඩු මහණා බලන්න යාම” කියල යි. ගඨීකාර තම යහළුවා බුදුරජාණන් හමුවට එක්කරගෙන යාමට ගත් උස්සාහය අත හැරියේ නෑ. කීප වතාවක් කළ යෝජනා ප්‍රතික්ෂේප කළේ බුදුරජාණන් වහන්සේට අපහාස වන ලෙසට කතා කරමින් ය. අවසානයේ ගඨීකාර ජෝතිපාලගේ කෙස්වැටියෙන් අල්ලාගෙන බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට යන ලෙසට බල කළේ ය. කෙසේ හෝ ජෝතිපාලගේ හිත බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට සුදුසු පරිදි සකස් විය. අවසානයේ ජෝතිපාල බුදුරජාණන් වහන්සේ ළඟ උතුම් පැවිද්ද ලබා ගැනීමට තරම් වාසනාවන්ත විය. ඒ යහළුවාගේ උදව් උපකාර නිසා ය. මෙසේ පැවිද්ද ලබා ගත්තේ මතු බුදුවීමට සිටින බෝධිසත්වයන් වහන්සේ ය.


බිනර අමාවක පෝය

 සැප්තැම්බර් 25 ඉරිදා පූර්වභාග 03.13 අමාවක ලබා 26 සඳුදා පූර්වභාග 03.25 ගෙවේ.
25 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]