[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සමාජය පිළිබඳ බෞද්ධ ආකල්පය නැවත සමාජ ගත කළ යුතු කාලයයි ...

උතුරු ඉන්දියාවේ තත්කාලීන සමාජය කෙරෙහි බුද්ධ ධර්මය බල පැවැත්වීමට පෙර බ්‍රාහ්මණ මත ගැන සුළු වුව ද හැඳින්වීමක් නැතිව සමාජය පිළිබඳ බෞද්ධ අදහස් තේරුම් ගැනීම අපහසු ය. බුදුරජාණන් වහන්සේ ලොව පහළවන්නට ශත වර්ෂයකට හෝ දෙකකට පෙර බ්‍රාහ්මණ සමාජ ධර්ම බලපැවැත් වූ බව එකල ලියැවුණු උපනිශද් ග්‍රන්ථාශ්‍රයෙන් දත හැකි ය. සමාජය අවසාන යුගය උදාවෙන අවධියේ දී බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය සහ ඊට පහළින් සිටි ශුද්‍රයින්ද වශයෙන් සලකා පන්ති හතරකට බෙදිණි. ශුද්‍රයින් ලෙස සලකන ලද්දේ දාස ගණයට අයත් ජනයා ය. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණ වංශය ද, දෙබාහුවෙන් ක්ෂත්‍රිය වංශය ද, කළවා යුග්මයෙන් වෛශ්‍ය වංශය ද, දෙපතුළින් ශුද්‍ර වංශය ද මවන ලද බව ඉගැන්වේ. මෙයින් පැහැදිලි වන්නේ සමාජ සංවිධානය සහ කුල ක්‍රමය ඇති වූයේ මහා බ්‍රහ්මයාගේ ආඥාවට අනුව බව ය. මේ නිසා සමාජයේ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධය ඔවුන් තේරුම් ගත්තේ මිනිසුන් හා දෙවියන් අතර ඇති සම්බන්ධයක් ලෙස ය. මෙම මූලික බ්‍රහ්මවාදී ධර්මය පදනම් කොට වර්ණාශ්‍රම ධර්මවාදය හා ස්වධර්මවාදය ඇති වූ බව කිව යුතු ය. මෙයින් වර්ණාශ්‍රමවාදී ධර්මය පුද්ගලයා උත්පත්තියේ සිට මරණය දක්වා ම වෙනස් කළ නොහැකි ආගමික සාමාජික නියමයකට යටත් කර තැබීම උගන්වයි. ස්වධර්මවාදය ගොඩනැඟී ඇත්තේ කෙනකුගේ ලේ ධාතුව මෙන් ම සංස්කෘතිය ද ප්‍රවේණිකව හිමි වන්නේ ය යන හින්දු විශ්වාසය මුල්කර ගෙන ය. ඒ අනුව පොදු ජනයා සිය ජීවිතාන්තය දක්වාම බැඳතබා ගැනීම ආශ්‍රම ධර්ම තුළින් ඉටු වී ඇත. බුදුසමයේ උදාවත් සමඟ ම ප්‍රවේණි අයිතිවාසිකම් සතුව ගොඩනඟා තිබූ බ්‍රාහ්මණ බලය ක්‍රමයෙන් වෙනස් වන්නට විය. නමුත් රජුගේ බලය ඔහු විසින් මෙහෙය වන ලද ධර්මය හෙවත් නීතිය බමුණු බලය මත පැවැතුණි. මෙසේ ස්ථාවර ව තිබුණු බ්‍රාහ්මණ සමාජ සංවිධානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා බුදුහිමියන් දැරූ උත්සාහය විස්මය ජනකය. එදා සමාජයේ පැන නැඟුණු නානාවිධ සාමාජික ප්‍රශ්න නිරාකරණය කිරීමට බුදුරජාණන් වහන්සේ අනුගමනය කළේ ඥාන මාර්ගයයි.


බිනර අමාවක පෝය

 සැප්තැම්බර් 25 ඉරිදා පූර්වභාග 03.13 අමාවක ලබා 26 සඳුදා පූර්වභාග 03.25 ගෙවේ.
25 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]