[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

මහනුවර ඇසළ මංගල්‍යය ශ්‍රී ලාංකේය අභිමානය ලෝකයට ගෙන යන ප්‍රබලතම සංස්කෘතිකාංගයක

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල

හෙළයේ විචිත්‍රවත් ම කලා මංගල්‍යයයෙහි ලා සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත්ව පවත්වා අවසන් කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන්ට ය.වසර 2005 දී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරයට පත්ව නිල කාලය අවසන් වූ පසු 2015 වසරේ දී යළිත් එම තනතුරට පත්වූ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙවර මහනුවර ඇසළ පෙරහර සංවිධානය කරන්නේ 18 වැනි වරට ය.පාස්කු ප්‍රහාරය හා කොවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය වසර තුනේ දී ම ජන සහභාගිත්වයකින් තොරව පැවැත් වුණු මහනුවර ඇසළ මංගල්‍යය මෙවර නැරඹීමේ අවස්ථාව මහජනතාවට ලැබී තිබේ. පැරැණි රජ දවස පටන් රාජ්‍ය අනුග්‍රහය මත සංවිධානය කෙරුණු පෙරහර මංගල්‍යය අද පවත්වන්නේ රාජ්‍ය උත්සවයක් ලෙසිනි. මෙවර පෙරහරේ සංවිධාන කටයුතු සම්බන්ධව දියවඩන නිලමේ තුමන් සමඟ කළ සාකච්ඡාවකි මේ... පසුගිය වසර දෙකේ දී ම මේ රටේ ජනතාවට කොප්පරා පන්දම්වල උණුසුම බලමින් වීදීවලට රැස්ව පෙරහර නැරඹීමට අවස්ථාව ලැබුණේ නැහැ නේද? කෝවිඩ් ව්‍යාප්තිය එක්ක පෙරහර නැරඹීට සඳහා මහජනතාවට අවස්ථාව ලබා දීමට සෞඛ්‍ය අංශ එකඟ වුණේ නැහැ.මහනුවර ඇසළ පෙරහර නැරඹීමට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මහනුවර නගරයට එකතු වෙනවා.

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ සිව්වන දින පෙරහර අගෝස්තු (1) වීදි සංචාරය කෙරිණි. කඳසුරිඳුන්ගේත්, වල්ලි මෑණියන්ගේත් සරණ මංගල්‍යය සිහිකරනු වස් දුටුගැමුණු මහ රජුගේ අණින් කඩ නොකොට පවත්වා ගෙන එනු ලබන ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2022 වර්ෂයේ ප්‍රථම මඟුල් පෙරහර ඉකුත් 29 වැනිදා වීදි සංචාර කෙරිණි. මෙම ප්‍රථම මඟුල් පෙරහර රන්කොත් මාලිගාවෙන් නික්මී මඟුල් වීදියෙන් වල්ලි මෑණියන්ගේ දේවාලයට පැමිණ නැවත එම වීදිය ඔස්සේම පැමිණ රන්කොත් මාලිගාවට ගෙවදිනි. මෙවර කතරගම ඇසළ මංගල්‍යයේ අවසාන මහා රන්දෝලි පෙරහර අද (11 වැනිදා) පැවැත්වෙන අතර, 12 වැනිදා මැණික් ගඟේ දියකැපීමෙන් පසු පෙරහර නිමාවට පත්වේ. උඩරට, පහතරට සහ සබරගමු සම්ප්‍රදායන්ට අයත් නැටුම් කණ්ඩායම් රැසකගේ සහභාගිත්වයෙන් අලි ඇතුන් සහිතව චාරිත්‍රානුකූලව උත්කර්ෂවත් ලෙස පෙරහර පැවැත්වීමට බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා පියවර ගෙන ඇත.

 

චතුරාර්ය සත්‍යය අවබෝධයට ඇති එකම මඟ අරිඅටඟි මඟයි

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යධර්ම අවබෝධ කිරීමෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වී මෙම ධර්මය දේශනා කිරීම පිළිබඳ පරිවිතර්ක චේතනාවක් පහළ විය. එම චේතනාව දැන ගත් සහම්පතී බ්‍රහ්මයා බඹලොවින් වහා අවුත් බෝමැඩ විදුරසුන් මත වැඩසිටිනා බුදුරදුන් ඉදිරියේ පෙනී සිට ධර්මය දේශනා කරන්නට ආරාධනා කළහ. බුදුරජාණන් වහන්සේ කවරකුට ප්‍රථමයෙන් ධර්මය දේශනා කරන්නේ දැයි බලන සේක් පෙරදී ඇදුරු වූ ආලාරකාලාම, උද්දකරාම කළුරිය කර ඇති බැවින් බරණැස ඉසිපතන මිගදායේ සිටින පස්වග මහණුන් දැකීමට උරුවෙල් ජනපදයේ සිට බරණැස ඉසිපතනයට යන මඟට පිළිපන් සේක. මෙසේ වඩින බුදුරජාණන් වහන්සේට උපක නම් ආජීවකයා හමු වී බුදුරදුන්ගේ ප්‍රසන්න ශරීරයට හා ශාන්ත දාන්ත ඉඳුරන්ට පැහැදුණේය. ආජීවකයා බුදුරදුන් පිළිබඳ ව කෙටි විස්තරයක් ඇසූ විට බුදුහු මම අරහං නම් වෙමි, මම අනුත්තර නම් වෙමි. ආදී වශයෙන් ඉතා කෙටියෙන් හඳුන්වා දී බරණැස ඉසිපතනයට වැඩි සේක. බරණැස ඉසිපතනයට වඩින බුදුරදුන් දැක පස්වග මහණුන් වහන්සේ මුලදී කතිකා කරගත් පරිදි සත්කාර සම්මාන නොකරන්නට අදිටන් කළ නමුත් බුදුරදුන් පස්වග මහණුන් සමීපයට ළංවත් ම තම තමන්ගේ කැමැත්තෙන් ම ආගන්තුක සත්කාර වශයෙන් සියල්ල ඉෂ්ට සිද්ධ කළහ.

 

ජාතියේ උදාරත්වය විදහා දක්වන හෙළයේ මහා කලා මංගල්ලය

දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලය පරම පූජනීය ශ්‍රී දළදා වහන්සේ විෂයයෙහි සිදු කෙරෙන වාර්ෂික සතර මංගල්ලයන් අතුරෙන් සුවිශේෂී පූජා මංගල්ලයකි. දළදා පූජෝපහාරය, සිවුමහා දේවාලයන්හි දෙවියන්ට භක්ති ප්‍රණාමය හා කලට වැසි ලබා සශ්‍රීකත්වය හා සෞභාග්‍යය ඇති කර ගැනීම අරමුණු කොට ගෙන මෙම උතුම් මංගල්ලය වාර්ෂිකව පැවැත්වේ. ව්‍යවහාර වර්ෂ 310 වැන්නේ කිත්සිරිමෙවන් රජු දවස පටන් වසර එක්වා දහස් සත්සිය පස්වසරක් සපුරන ජාතියේ ප්‍රෞඪත්වය හා බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාවය විදහා දක්වන හෙළ මහා කලා මංගල්ලය සේ දෙස් විදෙස් ජනීජනයාගේ සිත්සතන් සැදැහැයෙන් පුරවන මෙම මංගල්ලය චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත්වලට අනුගතව සුභ නැකැත් මුහුර්තීන්ට අනුව පැවැත්වේ. විසිතුරු ඇසළ පෙරහර මංගල්ලයේ මූලික කටයුත්ත වනුයේ පෞරාණික සිරිත් ප්‍රකාර පණස වර්ගයේ කිරි වෑහෙන ගසක ඵල නොදරන පුරුෂ ලිංගික කොස් පැළයක් තෝරා ගෙන එය වටා පිරිසුදු කොට වටතිර අදවා වියන් බඳවා සඳුන් දියර ඉස, දුම්මල අල්වා, පහන් දල්වා පේකර අලුත්නුවර පොරෝකරුවා දෙහි ඇඹුල් ගා ස්නානය කොට ස්තෝත්‍ර ගායනා මැද්දේ ගස කපා හෙළීමයි.

නිකිණි පුර පසළොස්වක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]