[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ජාතියේ උදාරත්වය විදහා දක්වන හෙළයේ මහා කලා මංගල්ලය

දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලය පරම පූජනීය ශ්‍රී දළදා වහන්සේ විෂයයෙහි සිදු කෙරෙන වාර්ෂික සතර මංගල්ලයන් අතුරෙන් සුවිශේෂී පූජා මංගල්ලයකි. දළදා පූජෝපහාරය, සිවුමහා දේවාලයන්හි දෙවියන්ට භක්ති ප්‍රණාමය හා කලට වැසි ලබා සශ්‍රීකත්වය හා සෞභාග්‍යය ඇති කර ගැනීම අරමුණු කොට ගෙන මෙම උතුම් මංගල්ලය වාර්ෂිකව පැවැත්වේ. ව්‍යවහාර වර්ෂ 310 වැන්නේ කිත්සිරිමෙවන් රජු දවස පටන් වසර එක්වා දහස් සත්සිය පස්වසරක් සපුරන ජාතියේ ප්‍රෞඪත්වය හා බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාවය විදහා දක්වන හෙළ මහා කලා මංගල්ලය සේ දෙස් විදෙස් ජනීජනයාගේ සිත්සතන් සැදැහැයෙන් පුරවන මෙම මංගල්ලය චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත්වලට අනුගතව සුභ නැකැත් මුහුර්තීන්ට අනුව පැවැත්වේ. විසිතුරු ඇසළ පෙරහර මංගල්ලයේ මූලික කටයුත්ත වනුයේ පෞරාණික සිරිත් ප්‍රකාර පණස වර්ගයේ කිරි වෑහෙන ගසක ඵල නොදරන පුරුෂ ලිංගික කොස් පැළයක් තෝරා ගෙන එය වටා පිරිසුදු කොට වටතිර අදවා වියන් බඳවා සඳුන් දියර ඉස, දුම්මල අල්වා, පහන් දල්වා පේකර අලුත්නුවර පොරෝකරුවා දෙහි ඇඹුල් ගා ස්නානය කොට ස්තෝත්‍ර ගායනා මැද්දේ ගස කපා හෙළීමයි. කැපූ ගසින් වියත් තුනක පමණ ප්‍රමාණයක් පිරිසුදු කරයි. එය සුදු රෙද්දකින් ඔතා පෙරහරින් ඇතකු පිටින් මහනුවර විෂ්ණු දේවාලයට රැගෙන ඒම සිරිතයි. එහිදී නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිවුමහා දේවාලයන්ට කොටස් කර සතර දේවාලවල බස්නායක නිලමේවරුන් හමුවේ බෙදා දෙන අතර, ඒ ඒ දේවාලයන්හි කපුවන් විසින් කප රැගෙන සුදු රෙද්දකින් ඔතාගෙන ඇතකු පිට නැඟී පෙරහරින් වැඩමවීම සිදුකෙරේ. කප සිටුවීමට දේවාලයේ නියමිත ස්ථානය පිරිසුදු කොට වට තිර වියන් බඳියි. ගොක් කොළ මලින් සරසා ඉන්‍ද්‍ර දෙවියන් සංකේතවත් කොට දෙපස පොල්ගෙඩි දෙකක් මත තැබූ පහන් දල්වා ස්තෝත්‍ර ගායනා මැද්දේ කප සිටුවීම සුභමුහුර්තියෙන් සිදුකෙරේ.


නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]