[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

චතුරාර්ය සත්‍යය අවබෝධයට ඇති එකම මඟ අරිඅටඟි මඟයි

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යධර්ම අවබෝධ කිරීමෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වී මෙම ධර්මය දේශනා කිරීම පිළිබඳ පරිවිතර්ක චේතනාවක් පහළ විය. එම චේතනාව දැන ගත් සහම්පතී බ්‍රහ්මයා බඹලොවින් වහා අවුත් බෝමැඩ විදුරසුන් මත වැඩසිටිනා බුදුරදුන් ඉදිරියේ පෙනී සිට ධර්මය දේශනා කරන්නට ආරාධනා කළහ. බුදුරජාණන් වහන්සේ කවරකුට ප්‍රථමයෙන් ධර්මය දේශනා කරන්නේ දැයි බලන සේක් පෙරදී ඇදුරු වූ ආලාරකාලාම, උද්දකරාම කළුරිය කර ඇති බැවින් බරණැස ඉසිපතන මිගදායේ සිටින පස්වග මහණුන් දැකීමට උරුවෙල් ජනපදයේ සිට බරණැස ඉසිපතනයට යන මඟට පිළිපන් සේක. මෙසේ වඩින බුදුරජාණන් වහන්සේට උපක නම් ආජීවකයා හමු වී බුදුරදුන්ගේ ප්‍රසන්න ශරීරයට හා ශාන්ත දාන්ත ඉඳුරන්ට පැහැදුණේය. ආජීවකයා බුදුරදුන් පිළිබඳ ව කෙටි විස්තරයක් ඇසූ විට බුදුහු මම අරහං නම් වෙමි, මම අනුත්තර නම් වෙමි. ආදී වශයෙන් ඉතා කෙටියෙන් හඳුන්වා දී බරණැස ඉසිපතනයට වැඩි සේක. බරණැස ඉසිපතනයට වඩින බුදුරදුන් දැක පස්වග මහණුන් වහන්සේ මුලදී කතිකා කරගත් පරිදි සත්කාර සම්මාන නොකරන්නට අදිටන් කළ නමුත් බුදුරදුන් පස්වග මහණුන් සමීපයට ළංවත් ම තම තමන්ගේ කැමැත්තෙන් ම ආගන්තුක සත්කාර වශයෙන් සියල්ල ඉෂ්ට සිද්ධ කළහ. මෙසේ ආගන්තුක සත්කාරයෙන් පසුව පස්වග මහණුන් වහන්සේට සම්මා සම්බුද්ධත්වය පිළිබඳ සැකය දුරු කොට “දෙවමෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන නසෙවිතබ්බා යොචායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො, ගම්මො, පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො, යොචායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතො, යනාදී නයින් අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිය නැණින් දැන වදාළ අන්ත දෙකින් තොර වූ ආර්ය මාර්ගය හෙවත් ප්‍රතිපදාව දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට එකම මාර්ගය වන්නේ යැයි දේශනාව ආරම්භ කළ සේක.


නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]