[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සේරිවාණිජ ජාතක කතාව ඇසුරිනි

ඇසළ අව අටවක

 ජුලි 27 බදාදා අපරභාග 09.12 අමාවක ලබා 28 බ්‍රහස්පතින්දා අපරභාග 11.25 ගෙවේ.
28 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

පරිත්‍යාගයෙන් හා අවබෝධයෙන් රැකිය යුතු සීලය

ඔහුගේ අතේ තිබුණ පිහිය ගෙන පිඹුරාට පහර දීමට සූදානම් විය. එහෙත් ඔහුට සමාදන් වූ ශීලය සිහි විය. සිල්පද කැඩීමෙන් සිදුවන ආදීනව මතක් විය. එනිසා පිඹුරා ඝාතනය කිරීමේ අදහස ඔහු අත්හැරීය. සිල්වත් ගුණවත් බ්‍රාහ්මණ පඬිවරයෙක් සැවත් නුවර වාසය කළේ ය. තෙරුවන් සරණ ගිය මේ බ්‍රාහ්මණතුමා නොකඩවා පන්සිල් රකින, වේදත්‍රය ද උගත් අයෙකි. කෙසොල් රජු මොහුට පි‍්‍රය කළේ ය. ගරු කළේ ය. හොඳම කල්‍යාණ මිත්‍රයකු ලෙස බ්‍රාහ්මණ තුමා ඇසුරු කළේ ය. මෙසේ කාලයක් ගෙවුණි. දිනක් බ්‍රාහ්මණතුමාට මෙවැනි සිතිවිල්ලක් පහළ විය. “මට රජතුමා මෙතරම් සලකන්නේ ඇයි? මාගේ ජාතිය නිසා ද? කුලය නිසා ද? උගත් නිසා ද? එසේත් නැතිනම් මගේ සිල්වත්කම හා ගුණ යහපත්කම නිසා ද? මේ ගැන හොයා බලන්න ඕනෑ කියල පරීක්ෂණයක් කළේ ය. දිනක් මේ බ්‍රාහ්මණයා රජ ගෙදරට යන ගමනේ රාජ භාණ්ඩාගාරයට ගොස් එහි භාණ්ඩාගාරිකවරයා ඉදිරිපිට කහවනුවක් රැගෙන ගියේ ය. භාණ්ඩාගාර නිලධාරියා ඒ ගැන සිතුවේ මෙලෙස ය. “අපගේ රජු පමණක් නොවේ, අපි සියලුම දෙනා මේ බ්‍රාහ්මණතුමාට ගරු සැලකිලි“ දක්වනවා. අපේ රජතුමාගේ හොඳම මිත්‍රයා තමයි මේ බ්‍රාහ්මණතුමා. ඒ නිසා මේ ගැන කිසිවක්, කිසිවකුටත් නොකියා නිශ්ශබ්දව ඉන්න ඕනෑ” කියලා හිතුවා. මේ සිද්ධිය වූ දිනට පසු දින නැවත වරක් බ්‍රාහ්මණයා රාජ භාණ්ඩාගාරයට පැමිණ කහවනු දෙකක් රැගෙන ගියේ භාණ්ඩාගාර නිලධාරියා බලා සිටියදී ය. එදිනත් බමුණාගේ ගුණයහපත්කම ගැන සිහිකොට නිශ්ශබ්ද විය. කිසිවක් කිවේ ද නැත. තුන්වැනි දිනයේ බමුණා පෙර පරිදිම භාණ්ඩාගාරයට පැමිණ කහවනු අහුරක් රැගෙන ගියේ ය. මේ මොහොතේ දී භාණ්ඩාගාර නිලධාරිවරයාගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේ ය.

තමන් නොදැවී අනුන්ට ද සිසිලක් වන හැට

අප කැමැති දේ සේ ම අකැමැති දේ ද වටපිටාවේ සිදුවේ. විටෙක කෙනකුගේ වචන සේ ම ක්‍රියාවන් ද අපගේ සිත දවන්නට තරම් බලවත් ය. එපමණක් නොවේ අපගේ සිතිවිලි, වචන හැසිරීම් නිසා අනුන් ද එසේ දැවෙන්නට පුළුවන. තැවෙන්නට පුළුවන. එහෙත් අප නිසා අනුන් නොදැවිය යුතු සේ ම අනුන් නිසා අප ද නොතැවිය යුතු ය. නොදැවිය යුතු ය. පළමුව තමන් තමන්ට මෙත් වඩන්න. අනුන්ට ද මෙත් වඩන්න. ඒ සඳහා පළමුව තමන් සෘජු ප්‍රතිපත්තියක පිහිටිය යුතු ම ය. තමන්, තමන්ට අවංකව, අනුන්ට ද අවංක විය යුතු ය. මැනවින් අවංක විය යුතු ය. එවිට තමන්ගේ සිතිවිලි නිවෙනු ඇත. වචන ද, හැසිරීම් ද නිවෙනු ඇත. ඒ අනුව තමන් නිසා අනුන් ද නොතැවෙනු ඇත. තරහවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් පිරුණු සිතක් මෙත් සිසිලෙන් නිවා සනසන්නට මෛත්‍රී භාවනාව මාහැඟි ඔසුවකි. මෙත් වඩන්නකු කෙරෙහි පුරුදු පුහුණු කළ යුතු ගුණ සමුදායකි. කරණීය මෙත්ත සූත්‍රයේ ඉගැන්වෙන ‘උජු ච සුජූච’ ආදී ගුණ ඉන් ප්‍රධාන ය. එනම් අවංක වීම ය. මැනවින් අවංක වීමය. අවංක වූ පුද්ගලයා සාධාරණයට මිස අසාධාරණයට පක්ෂ නොවේ. ඇත්තට ගරු කරයි. සත්‍ය නොසඟවයි. බුද්ධියෙන් කරුණු දෙස බලනවා මිස කෙනෙක් කී දේ අසා තීරණ නොගනියි. ඇසෙන දේ ත්, දකින දේ ත් හමුවේ ඉක්මන් තීරණවලට එළඹෙන්නේ නැත. අසන දකින දේ වුව ද ඇතැම්විට වරදින්නට, වරදවා තේරුම් ගන්නට ඉඩ ඇති බැවිනි. සෘජු ගුණ ඇති කෙනෙක් වේ නම්, ඔහු යමක් සිතුවේ ද එයම කියන්නේ ය. යමක් කීවේ ද එය ම කරන්නේ ය. ඇත්තට සමීප විය හැකි වන්නේ අවංක වූ තරමට ය. එහෙත් ඇතැම් උඩු යටිකුරු වූ සිතැඟි ඇත්තෝ සත්‍ය දේ උඩුයටිකුරු කරනු පෙනේ. කෙනෙක් නිවැරැදිකරුවන් වැරැදිකරුවන් කරති. වැරැදිකරුවන් නිවැරැදි අය කරති. වැරැදි වැඩ අනුමත කරති. හරි දේ යටපත් කරති. අවංක අයට ගරහති. වංක වූ අයම අගයති. සමාජයේ නොසතුට, අසහනය, පීඩනය වැඩි වන්නට මේ තත්ත්වය ප්‍රබල සාධකයකි.

 

වස්සානයේ පින් පුරමු

දායකයන් විසින් වස් ආරාධනා කරනු ලැබුව ද, නොලැබුව ද භික්ෂූන් වහන්සේ වස් සමාදන් වීම සිදු කරති. දායකයෝ උන්වහන්සේට වස් ආරාධනා කොට තමන්ට පින් රැස් කර ගැනීමට මාර්ගයක් සකසා ගනිති. දායකයා විසින් වස් ආරාධනා කොට වස්තුන් මාසය තුළ හාමුදුරුවන්ට සිව්පසයෙන් සංග්‍රහ කිරීමට පොරොන්දු වූ පසු චීවරයක් පූජා කරන්නේ වස් අවසානයේ දී ය. කඨින සිවුර කියා පූජා කරන්නේ එම සිවුර යි. ඒ අනුව චීවර පූජාව සිදු කරනු ලබයි. එහෙත් අනෙකුත් පින්කම් මුල සිටම සිදු කරයි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය යනු සිව්පසය යි. මෙහි පිණ්ඩපාත යනුවෙන් අදහස් කරන්නේ දානය යි. වස් වසා වැඩ සිටින භික්ෂූන් වහන්සේට දායකයන් විසින් වස් කාලය තුළ දානය ගෙනැවිත් පූජා කළ යුතු ය. උන්වහන්සේට වස් කාලයේ පිණ්ඩපාතයේ වැඩම කිරීම කැප නැත. එනිසා දායකයින් මෙම කාලයේ අනිවාර්යයෙන් ම දානය ගෙනැවිත් පූජා කිරීම සිදුකළ යුතු ය. සේනාසන පූජා කිරීම යනු හාමුදුරුවන් වහන්සේට වැඩ සිටීමට අවශ්‍ය ආවාසයක් පූජා කිරීම යි. බොහෝ විට සිදු වන්නේ විහාරස්ථානයේ වැඩ සිටින ලෙස ආරාධනා කිරීම යි. භික්ෂූන් වහන්සේ එම විහාරස්ථානයේ හෝ ආරණ්‍ය සේනාසනයේ ඇති කුටියක හෝ ආවාසයක වැඩ සිටිති. එහෙත් අපේ දායක පින්වතුන් වස් කාලය අවසානයේ කඨිනයට පෙර විහාරස්ථානය හුණු පිරියම් කිරීම හෝ තීන්ත ගෑම, කැඩුණු බිඳුණු තැන් පිළිසකර කිරීම වැනි දේ සිදුකොට ආවාස පූජාව වෙනුවට ආවාස නඩත්තුවට හෝ දායක වීම සිදු කරති. ගිලන්පස යනු බෙහෙත්වලට නමකි. අද අපේ බෞද්ධයෝ ගිලන්පස යනුවෙන් හඳුන්වන්නේ තේ, කෝපි, සුප් හෝ හාමුදුරුවන් වහන්සේ වළඳන පලතුරු බීම වැනි දේ යි. එවැනි දේ ගිලන්පස ලෙස පූජා කිරීම ද වරදක් නැත.

ඇසළ අමාවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]