
බුදුරජාණන් වහන්සේ
දස පාරමී ධර්මයන් සම්පූර්ණ කළ බෝසතාණන් වහන්සේ ඉන්දියාවේ මධ්‍ය දේශයෙහි කපිලවස්තු
නම් නුවර පාලනය ගෙන ගිය සුද්ධෝදන රජතුමාගේ අගබිසව් වූ මහාමායා දේවියගේ කුසෙහි
පිළිසිඳ ගත්හ. දසමස් ඇවෑමෙන් බෝසතාණන් ලුම්බිණි සල් උයනේ දී මවුකුසින් බිහි වූයේ
උතුම් වෙසක් පුන් පෝදාක ය. උන්වහන්සේ උපන් සැණින් සත් පියවර ගමන් කොට “මම ලොවට
අග්රවෙමි, ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ආත්ම භාවයයි. නැවත උපතක්
නැත” යි පැවසූහ.
මැනවින් හැදුණු වැඩුණු බෝසත් කුමරුට ශිල්ප ශාස්ත්‍ර හදාරා සොළොස් වන වියේ දී යශෝධරා
නම් රාජ කුමරිය සරණ කොට දුන්හ. විසිනම වැනි වියේ දී සතර පෙර නිමිති දැක රාහුල
කුමරුගේ උපන් දිනය වූ ඇසළ පෝ දා මධ්‍යම රාත්‍රියේ දී ගිහිගෙය හැරදා තවුස් වෙස් ගෙන
සත්‍ය සොයා යෑමට පිටත්විය. සය අවුරුද්දක් මුළුල්ලේ බලවත් උත්සාහයෙන් දුෂ්කර
ක්‍රියාවෙහි යෙදුණු නමුත් එහි නිෂ්ප්‍රයෝජනත්වය වටහා ගත්තේ ය. අනතුරුව ඒ මඟ හැරදා
ගයාවේ ඇසතු බෝ මුල සිට මැදුම් පිළිවෙත අනුගමනය කළ බෝසතාණෝ භාවනාවේ යෙදීමේ
ප්‍රතිඵලයක් වශයෙන් වෙසක් පුර පසළොස්වක පෝ දා සියලු කෙලෙස් නසා උතුම් බුද්ධ
රාජ්‍යයට පත්වී වදාළහ.
බෝගමුවේ නන්දසාර හිමි
2 ශ්‍රේණිය
ශ්‍රී සංඝබෝධි පුරාණ විහාරය
පොතුහැර
****
වෙසක් දිනේ

සිදුහත් කුමරුගේ ඉපදීමයි
මහ බෝසත් බුදුවීමයි
බුදු හිමිගේ පිරිනිවනයි
වෙසක් කියා අපි සමරයි
වෙසක් කූඩු එල්ලන්නේ
බකට් ගසේ එල්ලන්නේ
බල්බ් වැලුත් එල්ලන්නේ
වෙසක් තමයි සමරන්නේ
සැදැහැවතුන් එකතු වෙලා
හැම තැන දන්සල් දෙන්නේ
තවත් පිරිස් එකතු වෙලා
මහ පින්කම් කරන්නේ
ඔබ සැමටත් සුභ වෙසඟක්
සියල්ලන්ට සුභ වෙසඟක්
රටේ සැමට සුභ වෙසඟක්
ලෝකෙට සුවබර වෙසඟක්
එච්.ඒ.අශේන් ඉමංශ
9 ශ්‍රේණිය
මහින්ද රාජපක්ෂ විද්‍යාලය – මාතර
****
පින්බර වෙසඟ

දස අත මලින් නැහැවී විහිදෙයි සුවඳ
ගහ වැල පලවැලින් බරවී ඇත නිබඳ
අසිරිය නරඹමින් පියඹා යති විහඟ
සිත පුබුදුවයි එළඹෙන පින්බර වෙසඟ
පුදුමයි පරිසරය දෙස බලනා කලට
ඇතිවෙයි සැබෑ වෙනසක් සැමගේ සිතට
සොඳුරුයි අහස පොළොව ද හැඩ වන ලෙසට
සැරසෙයි සැමරුමට ඒ වෙසඟේ සතුට
පතුරා සැම සතට මෙත් කරුණා ගුණය
සැමදා බුදුන් දෙසූ මඟ යාමයි සැපය
භගවා සුගත ගුණ මත රඳවා සිහිය
දල්වා පහන් සමරමු වෙසඟේ සිරිය
පසිඳි මාධූර්යා මද්දුමආරච්චි
9 – නෙළුම් , සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය
කොළඹ 07
****
වෙසක් අසිරිය
තෙමඟුල ලොව ඇති වුණේ
කැලණිය වෙත වැඩි දිනේ
බුදු ගුණ ලොව පැතිරුණේ
වෙසක් මහේ පෝ දිනේ
රුවිදි තත්සරා ජයතිලක
2 ශ්‍රේණිය,
මියුසියස් විදුහල – කොළඹ
****

සංස්කරණය - නයනා නිල්මිණි |