[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සම්බුද්ධ පරිනිර්වාණය මෙසේ සිදු විය

බුද්ධත්වයට පත්වීමේ පටන් පන්සාළිස් වසක් පුරාවට ම මහා කරුණාවෙන් ලෝකයාට දහම් මඟ පෙන්වාදුන් බුදුරජාණන් වහන්සේ අවසන් වස් කාලය ගත කළේ බේලුව ගමෙහි ය. තවත් දස මාසයකින් තමන් වහන්සේ පිරිනිවන් පා වදාරණ බව ඉටා ගත්තේ එහි දී ය. මේ අතර බුදුරදුන්ට ලෝහිත පක්ඛන්දිකා නම් බලවත් වේදනා සහිත මාරාන්තික වූ රෝගයක් හට ගැනිණි. උන්වහන්සේ ඉදිරියට දස මාසයක් ම එම රෝගය යළි මතු නොවන ලෙස සමාපත්ති බලයෙන් යටපත් කළහ. රෝගී භාවයෙන් මිදී බුදුරදුන් සුවසේ වැඩ සිටිනු දුටු ආනන්ද හිමියෝ බලවත් සැනසිල්ලකින් උන්වහන්සේ සමීපයට පැමිණ මෙසේ පැවසූහ. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රෝගීව සිටිනු දුටු මට බලවත් ශෝකයක් හට ගැනිණි. මම සිහිය උපදවාගත නොහැකි තත්ත්වයකට පත්වීමි. දැන් ඔබ වහන්සේ ඉන් මිදී සිටිනු දකින මාගේ සිතට ඇතිවනුයේ අපරිමිත සොම්නසකි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හට අවසාන අවවාදය වදාරා මිසක පිරිනිවන් නෙපානසේකැයි, සිතීමෙන් යන්තම් සිතට අස්වැසිල්ලක් ඇති කරගත හැකි ය.” මේ අසා සිටි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. “ආනන්දය, මම කිසිදු සැඟවීමක් නොකොට ධර්මය මනාව හෙළිදරව් කොට දේශනා කළෙමි. ගුරුමුෂ්ටි කිසිවක් තබා නොගතිමි.


වෙසක් අව අටවක

මැයි 22 ඉරිදා අපරභාග 01.06 අව අටවක ලබා 23 සඳුදා පූර්ව භාග 11.40 ගෙවේ.
22 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 28

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]