[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

තුන්ලොව සුගන්ධවත් කළ අසමසම ශාස්තෘන් වහන්සේ

මහ බෝසතාණෝ සසර නැවතුම්පොළ තනන තෘෂ්ණා වඩුවා නසා අවිද්‍යා කැණිමඬල සිඳ බිඳ දමා අති දුර්ලභ සම්‍යක් සම්බෝධිය තිලොව විජය ශ්‍රීය අත්පත් කර ගත් සේක. මේ වනාහි තිලොව සත්වගට සදාතනික සැබෑ සුබ සදාලු බෝමැඩ විප්ලවයයි. බෝමැඩ විප්ලවයේ ප්‍රතිලාභය ශාන්තිය සුළුතරයකට හෝ බහුතරයට නොව සමස්ත සත්ව සංහතියට ය. ගහකොළ ඇළ දොළ සතා සීපාවා සහිත මුළු පරිසර පද්ධතියට ම ය. රත්පියුම්, හෙළපියුම්, හිරු කිරණ වැද සුපුෂ්පිත වන්නේ යම් සේ ද පෙර පින් මහිමැත්තෝ සම්බුදු ප්‍රඥා හිරුකැන් වැද ප්‍රඥාවේ ආලෝකයෙන් නිර්වාණ ක්ෂේම භූමියට මාර්ගය හෙළි පෙහෙළි කරගත්තෝ ය. දිනකට වේලක් වළඳමින් දෙවාරයක් මහ කුළුණු සමවතින් පිනැතියනට පිහිට සදමින්, අසරණ වූවනට සරණ සදන්නට, ගව්ගණන් මහ මඟ වඩිමින් වචනයෙන් කිව නොහැකි, සිතින් සිතා ගත නොහැකි අපමණ සේවාවක්, අපමණ දෙව් මිනිසුන් වෙනුවෙන් ඉටුකළ බුදුරදාණෝ ගත සිත සතපා ගැනීමට විඩා දුරු කර ගැනීමට සැතපුණේ දිනකට පැය දෙකකට ආසන්න කාලයකි. සසර පුරා පිරූ පාරමී දම් ඇතිව සම්බුදු බවට පත්ව දෙව් මිනිසුන්ගේ දෙලොව හිත පිණිස මෙවන් අයුරින් අද්විතීය මෙහෙවරක නිරත වෙද්දි ලෝක ස්වභාවය ද අටලෝ දහම ද උන්වහන්සේට ද පොදුවේ ක්‍රියාත්මක වුණි.


වෙසක් අව අටවක

මැයි 22 ඉරිදා අපරභාග 01.06 අව අටවක ලබා 23 සඳුදා පූර්ව භාග 11.40 ගෙවේ.
22 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 28

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]