[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

රුවන්වැල්ල කොටළුගොඩකන්ද ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරය

කෑගල්ල දිස්ත්‍රික්කයේ, ලෙවන්ගම දකුණ ග්‍රාම නිලධාරි වසමේ, කොටළුගොඩකන්ද ග්‍රාමය රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ තිබෙන ඉතාමත්ම දුෂ්කරතා ඇති ගමක් ලෙස සැලකේ. මෙම ගම් පියස තුළ ජීවත් වන වැඩි දෙනෙක් තම ජීවිකාව පවත්වාගෙන යනු ලබන්නේ වන ආශි‍්‍රත රැකියාවල නිරත වීමෙනි. ගමට තිබෙන එකම පන්සල වන්නේ කොටළුගොඩකන්ද, පොත්තෙකන්ද ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානය යි. එම විහාරස්ථානය ද වසර සියයකට එහා ගිය ඉතිහාසයකට උරුමකම් කියන ඉපැරැණි විහාරස්ථානයකි. ප්‍රවාහන අපහසුතා, මාර්ග අපහසුතා ආදි දුෂ්කරතා නිසාම මෙම විහාරස්ථානයෙහි ස්වාමීන් වහන්සේලා කාලයක් එක දිගට වැඩ නොසිටින අතර, වරින් වර ස්වාමීන් වහන්සේලා විහාරස්ථානයට වැඩම කිරීමත්, කෙටි කාලයක් පමණක් වැඩ සිට යළිත් විහාරස්ථානය අතහැර දමා ආපසු වැඩම කිරීමත් නිසා වරින්වර විහාරස්ථානය වැසීයාමේ තත්ත්වයට පත් වී තිබුණු අවධියක මීට වසර 12කට පමණ ඉහත දී මෙම විහාරස්ථානයට වැඩම කරන්නට යෙදුණේ විහාරස්ථානය පිහිටි ගමෙන් ම පැවිදි බිමට පත් ශාස්ත්‍රවේදී පොත්තෙකන්දේ ඤාණාවාස හිමියන් ය. උන්වහන්සේ එදා පටන් අද දක්වා ම මෙම විහාරස්ථානයේ වැඩ සිටිමින් ආගමික හා සමාජයීය වශයෙන් සුවිශාල කාර්ය භාරයක් සිදු කරමින් විහාරස්ථානයේ දියුණුව උදෙසා ද වැඩ කටයුතු කරමින් වැඩ සිටී ම ඉමහත් භාග්‍යයකි. උන්වහන්සේ මෙම විහාරස්ථානයට වැඩම කොට තුන් මාසයක් ගතවන්නටත් පෙර මම ද මෙම විහාරස්ථානයට වැඩම කළෙමි. වර්තමානයේ මෙම විහාරස්ථානය ලබා තිබෙන දියුණුව වෙනුවෙන් සුවිශාල කාර්ය භාරයක් සිදු කිරීමට හැකියාව මම ද උදාකර ගතිමි. එය මා ලද භාග්‍යයක් කොට සලකමි.


වෙසක් අව අටවක

මැයි 22 ඉරිදා අපරභාග 01.06 අව අටවක ලබා 23 සඳුදා පූර්ව භාග 11.40 ගෙවේ.
22 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 28

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]