ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ නවම් අමාවක 2022 මාර්තු 02 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
එක් ආචාර්යවරයකුට ශිෂ්‍ය පිරිසක් සිටියා. මෙම ගුරුවරයා දැඩිව විශ්වාස කළ මූල ග්රන්ථයක් තිබුණා. නිරන්තර ව තම ශිෂ්‍ය පිරිස අමතන ගුරුවරයා උපදෙස් දෙන්නේ පොත නොබලා පොතෙන් පිට කිසිවක් නොකරන ලෙස යි.
ශිෂ්‍යයන් ද මෙය කඩ නොකර පිළිගත්තා. එක් දිනක් ඒදණ්ඩකින් ගමනක් යන ගුරුවරයා පය ලිස්සා ගඟට වැටුණා. ගිලෙමින් උඩ එන ගුරුවරයා තමා බේරා ගන්නා ලෙස ගෝලයන්ගෙන් ආයාචනා කළා. එහෙත් ඔවුන් කියා සිටියේ මෙලෙස යි.
“ගිලෙන්න නම් එපා ගුරුතුමනි. පොඩ්ඩක් ඉන්න. අපි පොත බලනවා. මේ වගේ වේලාවක දී කරන්නේ මොනවා ද කියලා පොතේ තියෙනව ද බලනවා. මෙසේ ගෝලයන් පොත පෙරලන විටදී ගුරුවරයා දියේ ගිලී නොපෙනී ගියා.
මා පිටක සම්පදානේන – පොතේ සඳහන් වූ පමණින් පිළිගන්න එපා. (කාලාම සූත්‍රය)
උපදේශය
සිද්ධාන්ත චක්‍ර ලේඛන මත පමණක් නොපිහිටා ඒ මොහොතේ කළ යුතු දේ කළ යුතුයි. කිසිම ග්‍රන්ථයක වහලෙක් නොවිය යුතුයි.
සියඹලාගොඩ ධම්මින්ද හිමි
මාර්තු 02 බදාදා පූර්වභාග 01.04 අමාවක ලබා එදිනම අපරභාග 11.09 ගෙවේ. 02 බදාදා සිල්.
අමාවක
මාර්තු 02
පුර අටවක
මාර්තු 10
පසළොස්වක
මාර්තු 17
අව අටවක
මාර්තු 25
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]