Print this Article


තැනට සුදුසු නුවණ නැති තැන ...

තැනට සුදුසු නුවණ නැති තැන ...

එක් ආචාර්යවරයකුට ශිෂ්‍ය පිරිසක් සිටියා. මෙම ගුරුවරයා දැඩිව විශ්වාස කළ මූල ග්‍රන්ථයක් තිබුණා. නිරන්තර ව තම ශිෂ්‍ය පිරිස අමතන ගුරුවරයා උපදෙස් දෙන්නේ පොත නොබලා පොතෙන් පිට කිසිවක් නොකරන ලෙස යි.

ශිෂ්‍යයන් ද මෙය කඩ නොකර පිළිගත්තා. එක් දිනක් ඒදණ්ඩකින් ගමනක් යන ගුරුවරයා පය ලිස්සා ගඟට වැටුණා. ගිලෙමින් උඩ එන ගුරුවරයා තමා බේරා ගන්නා ලෙස ගෝලයන්ගෙන් ආයාචනා කළා. එහෙත් ඔවුන් කියා සිටියේ මෙලෙස යි.

“ගිලෙන්න නම් එපා ගුරුතුමනි. පොඩ්ඩක් ඉන්න. අපි පොත බලනවා. මේ වගේ වේලාවක දී කරන්නේ මොනවා ද කියලා පොතේ තියෙනව ද බලනවා. මෙසේ ගෝලයන් පොත පෙරලන විටදී ගුරුවරයා දියේ ගිලී නොපෙනී ගියා.

මා පිටක සම්පදානේන – පොතේ සඳහන් වූ පමණින් පිළිගන්න එපා. (කාලාම සූත්‍රය)

උපදේශය

සිද්ධාන්ත චක්‍ර ලේඛන මත පමණක් නොපිහිටා ඒ මොහොතේ කළ යුතු දේ කළ යුතුයි. කිසිම ග්‍රන්ථයක වහලෙක් නොවිය යුතුයි.