[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

අරපිරිමැස්මෙන් දුක ජය ගන්නා හැටි දරුවන්ට කියා දෙන්න

විවාහයෙන් පසු ඇතැම්විට විවිධ හේතුන් නිසා පවුලේ අගහිඟකම් ඇතිවිය හැකියි. ගෙදරක ඇති අගහිඟකම පියාටත් වඩා මවකගේ හිස අවුල්කරන සුළු ය. අගහිඟකම් ඉදිරි දොරෙන් ඇතුළුවන විට වාසනාව ජනේලයෙන් පැන යන්නේය’යි වියත් කියුමක් ඇත. ධෛර්ය සම්පන්න ව ඉපයීම මෙන්ම අර පිරිමැස්මෙන් කටයුතු කිරීම එයට නිසි පිළියමයි. ගෙවාගත නොහැකි ණය ගැනුම අනුවණ කමෙකි. ‘අප්පිච්චතා’ යනු චාම් බවයි. චාම් බව මදිකමක් සේ සලකා සාඩම්බර සාටෝප ජීවිතයට නූගත්තු පෙළඹෙති. “අප්පකිච්ච” “සල්ලහුකවුත්ති” (සැහැල්ලු පැවතුම) යන කරණීය මෙත්ත සූත්‍රයේ අමා බුදු වදන් සිහිපත් කරගත යුතුයි. ගෘහ පාලනයේ තෝන් ලණුව තිබිය යුත්තේ බිරින්දෑ අත බව බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් කොට ඇත. ඇති පවුල්වල කටයුතු කරන අයුරින් නොව “සකසුරුවමින් අප කටයුතු කරමු’යි ගෙදර භාණ්ඩාගාරික වන මව දරුවනට පැහැදිලි කර දිය යුතුයි. මේ රටේ උසස් ව්‍යාපාරිකයන් , උසස් තනතුරු දරන්නන් දියුණුවේ ඉහළ ට අවුත් සිටින්නේ චාම් බවෙන් අර පිරිමැස්මෙන් දුක ජය ගැනීමෙනි. අමෙරිකාවේ ප්‍රථම ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් නම් මහා පුරුෂයා ලිපේ ගින්දරින් පොත් කියවා පාසල් ගිය බවත් , දුම්රිය තැනූ එංගලන්තයේ ජෝර්ජ් ස්ටීවන්සන් ගවයන් බැලූ ගොපලු කොලුවකු බවත් මව පුතුට කියාදෙන්නේ නම් කොතරම් අගේ ද? එවන් ශ්‍රේෂ්ඨ චරිත කතා පොත් මිලදී ගැන්මට නොව මව්පියන් අද පෙළඹෙන්නේ ජංගම තෙලිබණුවක් දරුවාට ගෙන දීමටයි.


ඉල් අව අටවක පෝය

නොවැම්බර් 27 සෙනසුරාදා පූර්වභාග 05.43 අව අටවක ලබා 28 ඉරිදා පූර්ව භාග 06.00 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]