[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් අව අටවක පෝදා 2021-11-27

සතුරා හඳුනාගැනීම

ධම්ම පදය බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථයයි. නිරන්තරයෙන් සමීපයේ තබා ගනිමින්, හොඳින් කියවා, අර්ථය ග්‍රහණය කර ගනිමින්, ජීවිතයට ප්‍රායෝගික කර ගන්නවා නම් එය මේ ජීවිතය පමණක් නොව මරණින් මතු ජීවිතය ද සාර්ථක කර ගැනීමට මහෝපකාරි වන මහඟු මිණකි.

දවස උදාවූ මොහොතේ සිට රාත්‍රී නින්දට යන තුරුත්, ලාබ–අලාභ, යස – අයස, නින්දා – ප්‍රශංසා , සැප – දුක යන ලෝ දහම් අටකට මුහුණ දෙමින්, ඒ ගැන කල්පනා කරමින් විටෙක සතුටින් ද, විටෙක දුකෙන් කනගාටුවෙන් ද අපි දිවි ගෙවමු. එහෙත් තථාගතයන් වහන්සේ දේශනාකොට වදාළේ මේ ධර්මතා උපේක්ෂාවෙන් දරා ගන්නා ලෙසට ය. ජීවිතයට හොඳින් මුහුණ දෙන්නට හැකි වන්නේ ඒ දරා ගැනීමේ ස්වභාවය අනුව ය. ඒ ගමන් මඟ තවදුරටත් සාර්ථක කර ගන්නට මාහැඟි උපදේශ ධම්මපදයේ ඇතුළත් ය.

බොහෝවිට ජීවිතයට ප්‍රශ්න, ගැටලු, කරදර ළං කර ගන්නේ තමන් ම ය. තමන් ම වැරැදි ලෙස මෙහෙයවන සිත, කය, වචනය තුළින් ය. එය තමන්, තමන්ට ම සතුරු වීමකි. ඒ බව,

නුවණ මද මෝඩයෝ වෙති. ඔවුහු කටුක විපාක, දුක් ගෙන දෙන පව්කම් කරමින් තමාට ම සතුරු වූ ආත්මයක් සමඟ හැසිරෙති’යි යනුවෙන් ධම්ම පදයේ සඳහන් වේ.

තමන්ට තමන් සතුරු වන්නේ කෙසේද? අප බොහෝවිට දුක් වන්නේ, කරදරකාරි වන්නේ, බාහිර සතුරන් ගැන සිතමිනි. ජීවිතය උදුරා ගන්නා තරමට යම් කෙනෙක් අප වෙත සතුරු වුව ද ඊටත් වඩා භයානක සතුරෙක් අපගේ අභ්‍යන්තරය තුළ වේ. ඒ සතුරා මේ බවයේ පමණක් නොව සසර පුරා ද අප පසුපස පැමිණේ. සිත, කය, වචනය මනාව හසුරුවා ගත යුතු එහෙයිනි. තමන්ට සතුරුකම් කිරීමට තමන්ගේ ම සිතිවිලිවලට, කායික ක්‍රියාකාරකම්වලට, වචනයට ඉඩ නොදිය යුතු ය. එය පාලනය කිරීම අන්‍යයන්ට කළ නොහැක්කකි. තමන් විසින් ම උත්සාහයෙන් පුරුදු පුහුණු කළ යුතු දෙයකි.

තමන් තමන්ට ම සතුරුවන ලෙස මෙහෙය වන්නේ අප තුළ වන කෙලෙස් සතුරන් ය. ලෝභය. ද්වේෂය, මෝහය ආදී අකුසල මූලයන් ය. මෙම කෙලෙස් සතුරන් ටිකෙන් ටික දුරු කර ගන්නට අපට පිහිට වන්නේ ධර්මයයි. උත්සාහ කළ යුතු ඒ දහම් මාවතට පැමිණීමටයි.

නතං කම්මං කතං සාධු - යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛො රොදං - විපාකං පටිසේවති

යම් දෙයක් කිරීමෙන් පසු ඒ ගැන පසුතැවෙන්නට වනවා නම්, යම් දෙයක විපාකය කඳුළු පිරුණු මුහුණින් යුතුව, හඬා වැටෙමින් විඳ දරා ගන්නට සිදුවෙනවා නම් එබඳු පාපකර්ම නොකිරීම යහපත් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

තමන් කළ ක්‍රියාව නිසා තමන්ගේ ඇසෙන් කඳුළක් වැටෙන්නේ, අනුන්ගේ ඇසෙන් කඳුළක් වැටෙන්නේ අකුසල් සිතිවිලි ප්‍රබල වීමෙන් වන ක්‍රියාකාරකම් නිසා ය. යමක් කියන්නට කරන්නට පෙර හොඳින් සිතා බලන්නේ නම් සතුරු සිතිවිලි, සතුරු ක්‍රියාකාරකම් හඳුනා ගන්නට අපහසු වන්නේ නැත. අයහපත් සිතිවිලි දැනෙන වහා ඒ සතුරෙක් බව දැන. පාප කර්ම වන බව දැන මැඩ පැවැත්වීමට උත්සාහ ගත යුතු ය. බොදු මඟ යන බෞද්ධයාගේ ස්වභාවය එයයි.

ඉල් අව අටවක පෝය

නොවැම්බර් 27 සෙනසුරාදා පූර්වභාග 05.43 අව අටවක ලබා 28 ඉරිදා පූර්ව භාග 06.00 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]