[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

නාගයන් උමඟින් ගිය උමංගල ඕවාගිරි රාජමහා විහාරය

අතීතය ඉක්ම යන්නේ කඳුළ මෙන් ම සිනහව ද ඉතිරි කොට ය. මේ වෑයම කාලයේ වැලි කතරින් මිහිදන් වෙමින් පවතින අතීතයකට පණ පෙවීමකට ය. ඒ මීට අවුරුදු දහස් ගණනකට පෙර පැවැති අනුරාධපුර යුගයේ කාවන්තිස්ස රාජ්‍ය සමය (ක්‍රි. ව. 3 - 4) යි. මෙම අතීතාවලෝකන සටහනේ ප්‍රධාන වන්නේ උමංගල ඕවාගිරි රාජමහා විහාරය යි. මාතර සිට හක්මනට ගොස් බෙලිඅත්ත පාරේ කිලෝමීටර 4 කින් හමුවන ගංගොඩගම හන්දියෙන් කිලෝමීටර 1 1/2 ගිය තැන මෙම විහාරයට ළඟා විය හැකි ය. මෙම විහාරයට මෙම නාමයන් ලැබීම පිළිබඳ විවිධ මතිමතාන්තර ඇත. උමංගල විහාරයේ සිට සැතපුම් හතක් පමණ දුරින් මුල්කිරිගල රාජමහා විහාරය පිහිට යි. මෙම විහාර දෙක සම්බන්ධ කරන පර්වතය ඇතුළතින් සැතපුම් හතක් පමණ දිගින් යුත් උමං මාර්ගයක් ඇතැයි ජනප්‍රවාදයේ පවති. දිනක් නාගයකු මුල්කිරිගල රාජමහා විහාරයේ සිට මෙම උමං මාර්ගයෙන් ගමන් කොට ඕවාගිරි විහාරයෙන් මතු වූ බව ද සඳහන් වේ. මෙ නිසා උමංගල රාජමහා විහාරය යැයි ප්‍රසිද්ධ වූ බව කියැවේ. එකල රජ කෙනෙක් මෙම මාර්ගයෙන් ගමන් කරන විට පිරිවර ජනයාගෙන් ‘අර පේන ස්ථානය කුමක් දැ’යි විමසූ විට ‘ඕවා ගිරි’ (ගිරි = කඳු) යැයි පිළිතුරු දුන් බවත්, ඉන්පසු රජතුමා මෙම ස්ථානයේ ලෙන් විහාර තුනක් සමග පර්වතය මුදුනේ දාගැබක් ද තනා මහා සංඝයාට පූජා කළ බවත් සඳහන් වේ.

ඉල් අව අටවක පෝය

නොවැම්බර් 27 සෙනසුරාදා පූර්වභාග 05.43 අව අටවක ලබා 28 ඉරිදා පූර්ව භාග 06.00 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]