[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

කඨින පින්කම්

සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානය

අනුරාධපුර ඉසුරුමුනිය සිරිසඟබෝ භාවනා මධ්‍යාස්ථානයේ වාර්ෂික කඨින පින්කම මේ මස 20 සහ 21 දිනයන්හි ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමියන්ගේ අනුශාසනා මත කෑගල්ල රංවල පදිංචි ඩබ්.එස්. ඒ. විජේනායක මහතා සහ රේණුකා දමයන්ති මහත්මියගේ දායකත්වයෙන් සිදු කෙරේ.

****

රජරට සිරි සම්බුද්ධ සීල භාවනා මධ්‍යස්ථානය

අනුරාධපුර දකුණු දාගැබ පාරේ පිහිටි රජරට සිරි සම්බුද්ධ සීල භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පින්කම නොවැම්බර් මස 3 සහ 4 දිනයන්හි ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථාන දායක දායිකාවන් විසින් සිදු කරනු ලබයි.

****

සිරි සම්බෝධි ධර්මායතන

පල්ලෙකැලේ සිරි සම්බෝධි ධර්මායතන විහාරස්ථානයේ 21වන වතාවට සිදු කරනු ලබන කඨින පින්කම් මහෝත්සවය මෙම මස 23-24යන දිනයන් හී දී විහාරාධිපති පූජ්‍ය බුලංකුලමේ උපවංස ස්වාමීන් වහන්සේ ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

23වන දින අටවිසි ගිලන්පස බුද්ධ පූජාව හා ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර 24 වන දින කඨින චීවර පූජාව පැවැත්වේ.

පල්ලෙකැලේ සසා නිවාස සංකීර්ණයේ සහ ප්‍රදේශවාසීන් ගේ දායකත්වයෙන් වසංගත නිවාරණයට අදාළ නීතිරීති අනුගමනය කරමින් මෙම පින්කම් මාලාව පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.

****

මහාමායා විශ්ව ශාන්ති මහා විහාරය

ලුම්බිණිය කඨින චීවර පූජා මහෝත්සවය මෙම 25 වැනි දින පැවැත්වේ. ශ්‍රීමත් අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ ශ්‍රී නාමයෙන් ගොඩනඟන ලද නේපාලයේ ලුම්බිණිය මහා බෝධි සමාගමේ මහමායා විශ්ව ශාන්ති මහා විහාරයේ කඨින චීවර පූජෝත්සවය ඉන්දියානු මහා බෝධි සමාගමේ මහලේකම් භාරතයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද පැල්වත්තේ සීවලී නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත බද්දේගම නන්ද ස්වාමීන් ස්වාමීන් වහන්සේ, පදවිය වංගීස ස්වාමීන් වහන්සේ ඇතුළු ලුම්බිණි විහාර වාසි ආර්ය මහා සංඝරත්නය උදෙසා චීවර පූජාව මහා සඟසතු දානමය පින්කම පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. නිරූපා විලියම් මහත්මිය, මනෝජ් අල්ගම මහතා ඇතුළු දූ දරුවන්ගේ දායකත්වයෙන් පවතින කොරෝනා තත්ත්වය යටතේ සීමිත ජන සංඛ්‍යාවක් සමගින් පින්කම සංවිධානය කොට ඇත.

වප් පුර පසළොස්වක
 

ඔක්තෝබර් 19 අඟහරුවාදා අ.භා 19.03 පසළොස්වක ලබා 20 බදාදා අ.භා 20.26 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]