[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මපදය - මිරිස්සේ ධම්මික නාහිමි

ධම්මපදය - මිරිස්සේ ධම්මික නාහිමි

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවන්හි දී විවිධ පුද්ගලයන් අරභයා දේශනා කරන ලද උතුම් වූ ගාථා රත්නයන් ධම්මපදයෙහි අඩංගුව තිබේ.

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් තෙමසක් ඇවෑමෙන් රජගහනුවර ගිජුකුළුපව්ව පාමුල දී පළමු ධර්ම සංගායනාව පැවැත්විණි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සිය නමක් වූ සංගීතිකාරක මහ රහතන් වහන්සේලා දේශිත ශ්‍රී සද්ධර්මය සූත්‍ර, විනය සහ අභිධර්මය නම්පිටක තුනකට බෙදන ලදහ.

සූත්‍ර පිටකයට දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය සහ ඛුද්දක නිකාය නම් ග්‍රන්ථ පහකි. ඛුද්දක නිකායට පොත් 15 ක් ඇතුළත් වූ අතර ධම්මපදය ද ඉන් එකකි. ධම්මපදය වග්ග විසි හයක් වන අතර ගාථාවෝ 423 කින් සමන්විත ය.

බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන් උදෙසා දේශනා කරන ලද ධර්මය, අවවාද, කර්මස්ථාන ආදී විරාගී අමා දහම ඉතාමත් සුගම ලෙස ගලපා වග්ගවලට ඇතුළත් කොට ඇත. නිදසුනක් ලෙස දෙවන වග්ගය වන අප්පමාද වග්ගයේ දී කුසලයට යොමු නොවීම නම් වූ ප්‍රමාදය දක්වා ප්‍රමාදයේ ඇති අනිටු විපාකත් කුසලයට යොමු වීම නම් වූ අප්‍රමාදයේ ඇති උතුම් බව සහ එහි යහඵලයත් විස්තර කොට දක්වා තිබේ. මේ ලෙස සෑම වග්ගයක ම ඇත්තේ මනා වූ සාරවත් බවකි. රාගාදී කෙලෙස් නොවඩන නිරාමිස ප්‍රීතියෙන් සිත සුවපත් කරන අමා රසයකි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක මිරිස්සේ ධම්මික නාහිමියන් විසින් මේ උතුම් ධම්මපද ග්‍රන්ථය පාළි, සිංහල හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ම යුතුව ඉතා සරල ලෙසින් අවබෝධයට පහසු අයුරින් සම්පාදනය කොට ඇත.

මේ ග්‍රන්ථය සම්පාදනයෙන් නාහිමියන්ගේ බලාපොරොත්තුව ඉඩ ලද සෑම අවස්ථාවක දී ම එක්වරකට එක ගාථා රත්නයක් හෝ කියවා තේරුම් ගෙන, අවබෝධයෙන් යුතුව ම තම ජිවිතයට ද, පරිසරයට ද, සමාජයට ද ගලපා ගෙන විමසා බලනු දැකිම ය.

වප් පුර පසළොස්වක
 

ඔක්තෝබර් 19 අඟහරුවාදා අ.භා 19.03 පසළොස්වක ලබා 20 බදාදා අ.භා 20.26 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]