[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිසදිටු බමුණකු පැහැදීම

ඇසළ අව අටවක

 ජුලි 31 සෙනසුරාදා පූර්ව භාග 05.40 අව අටවක ලබා පසුදා පූර්වභාග 07.56 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

 

 

ධර්ම දේශනාව:

සියලු බුදුවරුන්ගේ අනුශාසනය

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා - සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං, ධම්ම පදයේ බුද්ධ වග්ගයේ සඳහන් මෙම ගාථාව ඇතුළත් වන්නේ සියලු බුදු වරුන්ගේ ඕවාද ප්‍රාතිමෝක්ෂයටයි. “ඛන්ති පරමං තපො තිතික්ඛා” ආදී ගාථාවත් “අනූපවාදො අනුපඝාතෝ ” ආදී ගාථාවත් එම ඕවාද ප්‍රාතිමෝක්ෂයට අයත් ය. ‘ඕවාද ප්‍රාතිමෝක්ෂය’ යනු සියලු බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවක සංඝයාට හික්මීමේ මාර්ගය වශයෙන් දෙසා වදාරණ සංක්‍ෂිප්ත දේශනාවයි. දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල විනය පැනවීමක් සිදු නොවේ. ඒ නිසා උන්වහන්සේලා බුද්ධ ජීවිතය පුරාම සංඝයාගේ හික්මීම පිණිස විනය දේශනාවක් වශයෙන් දෙසන්නේ, අනුශාසනාවක් වශයෙන් පනවන්නේ මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණි. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බඳු අල්පායුෂ්ක බුදු වරුන්ගේ ශාසනවල විනය පැනවීම සිදුවෙයි. එහෙත් උන්වහන්සේලාත් විනය පනවනතුරු අවවාද වශයෙන් දෙසන්නේ මෙම ඕවාද ප්‍රාතිමෝක්ෂයයි. උදානට්ඨ කථා උපෝසථ සූත්‍ර වර්ණාව තුළින් ඒ බව පෙනේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ද බුද්ධත්වයෙන් මුල් විසිවස තුළ විනය පැනවීමක් සිදු නොවීය. එම කාලය තුළ උන්වහන්සේ අඩමසකට වරක් පොහෝ දිනවල සංඝයා රැස්කොට මේ ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව පමණක් සිදු කළහ. එය බුදුවරුන් සංඝයා සමඟ පොහොය කිරීම ද වේ. උදාන පාලියේ මෙන්ම අංගුත්තර අට්ඨක නිපාතයේ උපෝසථ සූත්‍රයේ සඳහන් වන පරිදි එක් පොහොය කරන දිනක ප්‍රාතිමෝක්ෂ දේශනාවට රැස් වූ භික්ෂූන් අතර දුස්සීල භික්ෂුවක් සිටීම නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පොහොය කිරීම සදහටම අත්හිටුවා වදාළහ.

 

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක මහා මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහනාහිමියෝ

උපසම්පදාවෙන් පසු අගනුවරට සම්ප්‍රාප්ත වූ දොඩම්පහළ චන්දසිරි ස්වාමින් වහන්සේ, මාතර ශ්‍රී සද්ධාරාම නායක මාහිමියන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයාණන් වූ කුඩාවැල්ලේ වංගීස අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සෙවණෙහි භාවනා ප්‍රගුණ කිරීමට පටන් ගත් අතර, විපස්සනා කම්මට්ඨානාචරිය කහටපිටියේ සුමතිපාල මාහිමියන් වෙතින් වැඩි දියුණු කර ගත්හ. අභිධර්මය කෙරෙහිද විශේෂ උනන්දුවක් දැක්වූ අප හිමිපාණෝ දෙමටගොඩ මහා විසුද්ධාරාමයේ දී අභිධර්ම විශාරද අතිගරු දෙවිනුවර ඤාණාවාස නාහිමියන් වෙතින් අබිදම් ඉගෙන ඒ පිළිබඳව ද ප්‍රාමාණික උගතකු බවට පත්වූහ. ශ්‍රී ලංකා ධරණීතලය සද්ධර්මාලෝකයෙන් එකලු කළේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස විසිනි. එතැන් පටන් වසර දෙදහස් තුන්සියයකට වඩා වැඩි කාලයක් අනේකවිධ වූ බාධා මැද සම්බුදු සසුන අවිඡ්ඡින්නව පැවතගෙන එනු ලබයි. අනුබුදු මිහිඳු මාහිමියන් ඇති කළ ශාසනික ප්‍රබෝධය මහනුවර යුගය වනවිට පරිහානිය කරා ගමන් කරමින් පැවතිණ. එම දුර්දශාපන්න තත්වයෙන් ශාසන සම්ප්‍රදාය සුරක්ෂිත කරගැනීමෙහිලා පුරෝගාමී වූවෝ බෝධිසත්ව ගුණෝපේත අසරණ සරණ වැලිවිට පිණ්ඩපාතික සරණංකර සංඝරාජයාණන් වහන්සේ ය. එනමුදු උන්වහන්සේ සිදුකළ ශාසන සංග්‍රහය ඇතැම්විට පරමාර්ථ ශූන්‍ය බවට පත්වූයේ එකල වැඩසිටි ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා ය. කුලගොත් විචාරා මිස භික්ෂූන් වහන්සේලාට ගෞතම බුදුසසුනේ උපසම්පදාව ලබා නොදීමට කීර්ති ශ්‍රී රාජසිංහ රජු නීතියක් පැනවූ බව මන්දාරම් පුවතෙහි සඳහන් වේ. රජුගේ මෙම නියෝගය බුද්ධ නීතිය ඉක්මවා යන්නක් විය.

 

ජීවිතයටත් කළමනාකරණයක් ඕනෑ

බුදුරජාණන් වහන්සේ මානව සම්පත සේ ම අනෙක් සියල්ල මනාව කි‍්‍රයාවේ යෙද වූ උත්තරීතර නායකයෙකි. අවු 45 වැනි සීමිත කාල සීමාවක දී ගොඩනැගූ ශාසනය නිරුපද්‍රිත ව වසර 2600 ගතවන මෙහොතේදීත් නොවෙනස් ව පවතී. නායකයෙක් ලෙස උන්වහන්සේ තුළ පැවති කළමනාකාරීත්වයට මීට වඩා නිදසුන් අවශ්‍ය නොවේ. සත් සතිය ආරම්භයේ සිට ම අවසාන බුද්ධ වචනය දක්වා උන්වහන්සේගේ කි‍්‍රයාකාරීත්වය අධ්‍යයනය කිරීමෙන් එය පැහැදිලි කරගත හැකි ය. සුජාතාව ලබාදුන් කිරිපිඬු දානය බත් පිඬු 49 ක් සකසා වැළඳීමේ ශක්තිය සති හතක් දක්වා ම ප්‍රමාණවත් වුණි. සත්සතිය යනු හුදෙක් කළගුණ සැලකිම පමණක් නොවූ අතර අනාගත ධර්ම ප්‍රචාරය සැලසුම් කළ කාලසීමාවයි. ආයතනයක් හෝ පුද්ගල කණ්ඩායමක් මනාව මෙහෙයවා අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට නම් නිවැරැදි පූර්ව සැලසුමක් අවශ්‍යය. එසේ නොමැති වූ විට අතරමඟ සියල්ල නතර විය හැකිය. සත්සතිය පුරාවට ම උන්වහන්සේ සැලසුම් කළේ මේ සියල්ලයි. තමාට උපකාර කළ සොබා දහමට මුලින් ම කෘතගුණ සැලකූ උන්වහන්සේ මානවයාට නොමැකෙන පාඩමක් කියා දුන්හ. මගදී හමුවන උපකට ධර්මය නොදෙසා තමන් වහන්සේ අරමුණු කරගත් පස්වග මහණුන්ම ඉලක්ක කොට ගැනීම පැසසිය යුත්තකි. නායකයකු නම් එවැනි දැක්මක් අත්‍යවශ්‍ය ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]