[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

කඳ සුරිඳුන්ගේ මුල් වාසභූමිය වූ දොඩන්දූවේ කුමාර මහා විහාරය

දොඩන්දූවේ ශෛලබිම්බාරාමයෙහි වැඩසිටි අග්‍රගණ්‍ය පඬිරුවනක වූ අලුත්ගම සීලක්ඛන්ධ කල්‍යාණිවංශ නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ ස්වකීය පොත්පත් කුමාරකන්දේ වැඩ සිටි තම උපස්ථායක තැන්නේකුඹුරේ සෝණුත්තර හිමියන් වෙත පිරිනමන ලදින් ගැල් දොළහක පැට වූ පැරැණි පොත් පත් ශෛලබිම්බාරාමයේ සිට කුමාරකන්දට රැගෙන එන ලදි. කුමාරසම්භව ග්‍රන්ථය ඇතුළු මූලාශ්‍රයන්ට අනුව කතරගමට වැඩමවීමට පෙර ස්කන්ධ කුමාර දෙවිඳුන් වැඩසිටි නිසා කුමාරකන්ද නමින් හැඳීන්වූ කඳු මුදුනෙහි තනවන ලද කුමාර මහාවිහාරය ගාලු කෝරළයේ වැල්ලබඩ පත්තුවේ ඉපැරැණි දොඩන්දූව වරායට නුදුරින් කොළඹ ගාල්ල මහා මාර්ගය පේන මානයේ ගොඩබිම දෙසින් පිහිටා ඇත. ධීවර කර්මාන්තය හා රුවල් ඔරු ආශ්‍රිත නාවික කටයුතුවලට යොමු වූ ජනතාව වාසය කළ, කෝට්ටේ යුගයේ උඩුගල්පිටිය වරාය ලෙස හඳුන්වා ඇති මෙම ප්‍රදේශය වාරකන් කාලයේදී කලපුවේ හා ඔයේ පිහිටීම සමඟ අර්ධ දූපතක් බවට පත්වීම නිසා දොඩන්දූව නම් ලදැයි සම්මතයයි. දොඩන්දූවේ පැවති මෙම රුවල් නැව් තාක්ෂණයෙන් ශේෂ වූ අවසාන රුවල් නැව මින් සියවසකටත් එහා අතීතයේදී හම්බන්තොටින් ලුණු පටවාගෙන මහ සයුරේ යාත්‍රා කරද්දී කුණාටුවකට හසු වී මාලදිවයින කරා ගසාගෙන ගොස් විනාශයට පත් වූ පුවතක් ජනප්‍රවාදයේ සඳහන් ය.

ඇසළ අව අටවක

 ජුලි 31 සෙනසුරාදා පූර්ව භාග 05.40 අව අටවක ලබා පසුදා පූර්වභාග 07.56 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]