[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සියලු බුදුවරුන්ගේ අනුශාසනය

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා - සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං, ධම්ම පදයේ බුද්ධ වග්ගයේ සඳහන් මෙම ගාථාව ඇතුළත් වන්නේ සියලු බුදු වරුන්ගේ ඕවාද ප්‍රාතිමෝක්ෂයටයි. “ඛන්ති පරමං තපො තිතික්ඛා” ආදී ගාථාවත් “අනූපවාදො අනුපඝාතෝ ” ආදී ගාථාවත් එම ඕවාද ප්‍රාතිමෝක්ෂයට අයත් ය. ‘ඕවාද ප්‍රාතිමෝක්ෂය’ යනු සියලු බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවක සංඝයාට හික්මීමේ මාර්ගය වශයෙන් දෙසා වදාරණ සංක්‍ෂිප්ත දේශනාවයි. දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල විනය පැනවීමක් සිදු නොවේ. ඒ නිසා උන්වහන්සේලා බුද්ධ ජීවිතය පුරාම සංඝයාගේ හික්මීම පිණිස විනය දේශනාවක් වශයෙන් දෙසන්නේ, අනුශාසනාවක් වශයෙන් පනවන්නේ මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණි. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බඳු අල්පායුෂ්ක බුදු වරුන්ගේ ශාසනවල විනය පැනවීම සිදුවෙයි. එහෙත් උන්වහන්සේලාත් විනය පනවනතුරු අවවාද වශයෙන් දෙසන්නේ මෙම ඕවාද ප්‍රාතිමෝක්ෂයයි. උදානට්ඨ කථා උපෝසථ සූත්‍ර වර්ණාව තුළින් ඒ බව පෙනේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ද බුද්ධත්වයෙන් මුල් විසිවස තුළ විනය පැනවීමක් සිදු නොවීය. එම කාලය තුළ උන්වහන්සේ අඩමසකට වරක් පොහෝ දිනවල සංඝයා රැස්කොට මේ ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව පමණක් සිදු කළහ. එය බුදුවරුන් සංඝයා සමඟ පොහොය කිරීම ද වේ. උදාන පාලියේ මෙන්ම අංගුත්තර අට්ඨක නිපාතයේ උපෝසථ සූත්‍රයේ සඳහන් වන පරිදි එක් පොහොය කරන දිනක ප්‍රාතිමෝක්ෂ දේශනාවට රැස් වූ භික්ෂූන් අතර දුස්සීල භික්ෂුවක් සිටීම නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පොහොය කිරීම සදහටම අත්හිටුවා වදාළහ. එහිදී උන්වහන්සේ වදාළේ “මහණෙනි අද පටන් කොට මම පොහොය නොකරමි. පාමොක් නොදෙසමි. තථාගතයන් වහන්සේලා අපිරිසිදු පිරිස් මැද පොහොය නොකරන්නාහ, පාමොක් නොදෙසන්නාහ. යන මේ කාරණය සිදුවිය නොහැක්කකි යනුවෙනි.


ඇසළ අව අටවක

 ජුලි 31 සෙනසුරාදා පූර්ව භාග 05.40 අව අටවක ලබා පසුදා පූර්වභාග 07.56 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]