[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භද්‍රවර්ගික කුමරුන් පැවිදි වීම
සිතුවම - හර්ෂ ගුණවර්ධන

   බිනර පුර අටවක පෝය 

    අගෝස්තු 25 අඟහරුවාදා අපරභාග 12.22න් පුර අටවක පෝය ලබා 26 බදාදා පූර්වභාග 10.39 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

අමරපුර මහා නිකායේ සංඝ සභාවේ ස්ථිර ගොඩනැඟිල්ල විවෘත කිරීම අගමැති සුරතින්

අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාල ස්ථිර ගොඩනැඟිල්ල ගාලු පාර, කොළඹ 06 ස්ථානයේ දී පසුගියදා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අතින් විවෘත කෙරිණි. එම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස මහානාහිමි, අමරපුර මහා සංඝ සභාවේ ප්‍රධාන සභාපති ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජි හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය දොඩම්පහළ චන්ද්‍රසිරි මහ නා හිමි, අමරපුර සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර අනු නා හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උප සභාපති අහුංගල්ලේ සිරි ශීල විසුද්ධි නා හිමි , සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අත්තන්ගනේ ශාසන රතන හිමි ඇතුළු මහා සංඝරත්නය ප්‍රමුඛ ගිහි පිරිසක් ද සහභාගි වූහ.

 

ධර්ම දේශනාව:

මිනිස්කමේ වටිනාකම වටහාගන්න

සුකරානි අසාධූනී - අත්තනෝ අහිතානිච - යං වේ හිතංච සාධුංච - තං වේ පරම දුක්කරං, තමන්ට අහිතකර වූ ද , අයහපත් වූ ද දේ කිරීම පහසුයි. තමන්ට හිතකර වූ ද, යහපත් වූ ද දේ කිරීම අපහසු ය. සැමට ම පළමුව යහපත් මිනිසකු වීම අවශ්‍ය වේ. උසස් මනසක් ඇති නිසා ම මනුස්ස යන නම යෙදී ඇත. දිව්‍ය බ්‍රහ්ම ආදීන්ට මෙන් ම මිනිසුන් නොවන වෙනත් සත්වයන්ට ද මිනිසාට තරම් උසස් මනසක් ඇති කරගත නොහැක. මනසේ උසස් බව වටහා නොගෙන කටයුතු කරන විට මිනිසා නොමිනිසෙකු වෙයි. අමනුෂ්‍යයෙක් වෙයි. මිනිස්කමේ වටිනාකම වටහා ගැනීමට හොඳම ආදර්ශය බුද්ධ චරිතයයි. බෞද්ධයන් පිළිගන්නේ මුළු මහත් ලෝක ධාතුවෙහි ම ශ්‍රේෂ්ටතම පුද්ගලයා වනුයේ බුදුරජාණන් වහන්සේ වන බවයි. නූතන ලෝකයේ බොහෝ නුවණැත්තෝ ද එය එසේ පිළිගනිති. මීට වසර කිහිපයකට පෙර එංගලන්තයේ දී උගත් බුද්ධිමත් කණ්ඩායමක් එක්ව මෙතෙක් ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ටතම මිනිසා කවුරුන්දැයි පරීක්ෂණයක් කළහ. ඔවුන්ගේ අවසාන තීරණය වූයේ මෙතෙක් ලොව බිහි වූ ශ්‍රේෂ්ටතම උත්තමයා ගෞතම බුදුරජාණන් වහන්සේ බවයි.

 

විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්ම සංගායනාව සැත්තෑ වසරකට පෙර ආරම්භ වූ හැටි

ලක්දිව ශාසන ඉතිහාසයෙහි අප්‍රකට ව පවතින සුවිශේෂී සංසිද්ධියක් වූ, බුරුම රට ඡට්ඨ සංගායනාව සඳහා පූර්වාදර්ශ සපයන ලද පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි පැවති ත්‍රිපිටක ධර්ම සංගායනාව ආරම්භ කොට මෙම අගෝස්තු මාසයට සැත්තෑ වසරක් සපිරෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. වර්ෂ 1875 නොවැම්බර් පළමුවන දින රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මාහිමියන් ආරම්භ කරන ලදුව ඉන් පසු පිළිවෙළින් රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් සහ ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමියන් පරිවේණාධිපති ධූරය හොබවන ලද පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි සැත්තෑ පස්වන වජ්‍ර ජයන්තිය 1950 වර්ෂයේ දී එළඹුණි. ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ප්‍රාචීන බෞද්ධ අධ්‍යාපන ආයතනයක් ලෙසින් සම්භාවනාවට පත් විද්‍යාලංකාර පිරුවන බඳු ආයතනයක වජ්‍ර ජයන්ති ජන්මෝත්සවය පෙරහර සහ ප්‍රීති කතා පවත්වන උත්සවයක් නොවිය යුතු බවත්, ලොවටම ආදර්ශයක් සපයන දෙස, බස, දැය, සමය උද්දීපනය කරන අන්දමේ සැමරුමක් විය යුතු බවත්, ඒ අනුව තෛ‍්‍රනිකායික භික්ෂූන් වහන්සේලා වැඩමවා ත්‍රිපිටක ධර්ම සංගීතියක් පැවැත්වීම සුදුසු බවට මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් විසින් පරිවේණාධ්‍යක්ෂ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් වෙත සිදු කරන ලද යෝජනාව පරිවේණාධිපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය අනුමත කරන ලදින් විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්ම සංගායනාව පවත්වන ලදි.

 

නිවන වළකන බාධක

ක්‍රෝධයෙන්, වෛරයෙන් මිදෙන්නට අපාය භය සිහිකළ යුතු ය. ක්‍රෝධය මුල් කරගෙන මම මේ වන විට නිරයේ කොයි තරම් නම් දුක් විඳලා ඇති දැයි සිතිය යුතු ය. අනාගතයේ ක්‍රෝධ කිරීම නිසා කොයි තරම් දුක් විඳින්න සිද්ධ වේ දැයි කල්පනා කළ යුතු ය. එවිට ක්‍රෝධයෙන් මිදිය හැකි ය.ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි අයහපත් මානසික ක්‍රියාකාරීත්වයන්, සිතිවිලි නිරන්තරයෙන් අපගේ සිතෙහි ඇති වේ. එම සිතිවිලිවලට අනුව අප ක්‍රියාත්මක වේ. නමුත් එහි බරපතළකම, විපාකයන්ගේ වේදනාකාරීත්වය පිළිබඳ අප එතරම් සිතන්නේ නැත. මිනිසුන්ට පමණක් නො ව, අපා - දෙපා - සිව්පා හා බහුපා ආදී පෙනෙන - නො පෙනෙන සියලු සත්වයන් කෙරෙහි බොහෝ අවස්ථාවල වෛරයෙන් හා ක්‍රෝධයෙන් අපි කටයුතු කරමු. එහි දී ආදීනවයන් පිළිබඳ කිසි ලෙසකින්වත් තැකීමක් කරන්නේ නැත. ක්‍රෝධ කිරීම තුළින් පුද්ගලයාට සිදු වන අනර්ථය අප මනා සිහියකින් අවබෝධ කර ගෙන සිත මෛත්‍රියෙන් පුරවා ගත යුතු ය. වරෙක කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ කරා පැමිණ මෙසේ විමසා සිටියි. “තථාගත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මේ ලෝකයේ සත්ත්වයාගේ විපත පිණිස, අහිත පිණිස, දුක් පිණිස හේතුවන කරුණු කීයක් තිබේ ද කියලා.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]