[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 ත්‍රිපිටක ධර්ම සංගායනාව
පැවැත් වූ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන

 

විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්ම සංගායනාව සැත්තෑ වසරකට පෙර ආරම්භ වූ හැටි

ලක්දිව ශාසන ඉතිහාසයෙහි අප්‍රකට ව පවතින සුවිශේෂී සංසිද්ධියක් වූ, බුරුම රට ඡට්ඨ සංගායනාව සඳහා පූර්වාදර්ශ සපයන ලද පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි පැවති ත්‍රිපිටක ධර්ම සංගායනාව ආරම්භ කොට මෙම අගෝස්තු මාසයට සැත්තෑ වසරක් සපිරෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. වර්ෂ 1875 නොවැම්බර් පළමුවන දින රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මාහිමියන් ආරම්භ කරන ලදුව ඉන් පසු පිළිවෙළින් රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් සහ ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමියන් පරිවේණාධිපති ධූරය හොබවන ලද පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි සැත්තෑ පස්වන වජ්‍ර ජයන්තිය 1950 වර්ෂයේ දී එළඹුණි. ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ප්‍රාචීන බෞද්ධ අධ්‍යාපන ආයතනයක් ලෙසින් සම්භාවනාවට පත් විද්‍යාලංකාර පිරුවන බඳු ආයතනයක වජ්‍ර ජයන්ති ජන්මෝත්සවය පෙරහර සහ ප්‍රීති කතා පවත්වන උත්සවයක් නොවිය යුතු බවත්, ලොවටම ආදර්ශයක් සපයන දෙස, බස, දැය, සමය උද්දීපනය කරන අන්දමේ සැමරුමක් විය යුතු බවත්, ඒ අනුව තෛ‍්‍රනිකායික භික්ෂූන් වහන්සේලා වැඩමවා ත්‍රිපිටක ධර්ම සංගීතියක් පැවැත්වීම සුදුසු බවට මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් විසින් පරිවේණාධ්‍යක්ෂ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් වෙත සිදු කරන ලද යෝජනාව පරිවේණාධිපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය අනුමත කරන ලදින් විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්ම සංගායනාව පවත්වන ලදි. ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට රැගෙන ගිය පුස්කොළ පොත් එම රටවල භාෂාවන්ට පරිවර්තනය වී තිබුණ ද , මේ අවධිය වන විට අංග සම්පූර්ණ අන්දමින් ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය වීමක් තබා සිංහල අකුරින් පාලි ත්‍රිපිටකය මුද්‍රණය වී නොතිබුණි.


   බිනර පුර අටවක පෝය 

    අගෝස්තු 25 අඟහරුවාදා අපරභාග 12.22න් පුර අටවක පෝය ලබා 26 බදාදා පූර්වභාග 10.39 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]