[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සිය ගණනින් මහ රහතන් වහන්සේ වැඩ සිටි පිළිකුත්තුව රාජ මහා විහාරය

මුදුන් වෙන ඉර රශ්මිය සඟවා ගන්නට වෑයම් කරන අතු පතර විහිදී ගිය රූස්ස ගස්වල වියන හරි අපූරු ය.ඒ සෙවණ යට අතීත රජ දරුවන් මෙන්ම මහා රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශය ලැබූ වැලි මළුව අතීත අභිමානයට කදිම පරිසරයක් මවා ඇත්තේ ය. විහාර මළුවට ඉදිරිපස, ඈතට දිවෙන වෙල් යායත්, දකුණු පසින් ඇති පොල් වතු ද සශ්‍රීකත්වයේ අමිල සටහන් යැයි සිතේ.වම් පසින් ඒ සශ්‍රීකත්වයට නෑකම් කියන අභය වැව ද ,නැගෙනහිරින් රහතන් වහන්සේලාගේ ස්පර්ශයට පූජා වුණු ලෙන් සංකීර්ණ හා සුන්දර වන පියස ද දක්නට ලැබෙයි.මේ අතීතයේ උරුමය යළි යළිත් මතුවෙන ඓතිහාසික පිළිකුත්තුව රාජ මහා විහාර පින් බිමේ සීමා මාලකයයි. අක්කර දෙසීයක පමණ භූමි භාගයක් පුරා ව්‍යාප්ත ව ඇති පිළිකුත්තුව රාජ මහා විහාරය ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයට අයත් පින් බිමකි. කොළඹ නුවර පාරේ ගම්පහ මිරිස්වත්ත හන්දියෙන් වතුරගම කිරිඳීවැල මාර්ගයෙන් කිලෝමීටර් හතරකුත්, ඉන්පසු පිළිකුත්තුව හන්දියෙන් වමට හැරී කිලෝමීටරයක පමණ දුරක් ගිය පසු මෙම පින් බිමට පැමිණිය හැකි ය. නේක හැඩතල වලින් යුත් පර්වත හා ගල්කුළු සහිත උස්බිම් ප්‍රදේශයක් වන පිළිකුත්තුව පිළිබඳ ජනප්‍රවාදයේ ඇත්තේ ද විවිධ කතා පුවත් ය.

   බිනර පුර අටවක පෝය 

    අගෝස්තු 25 අඟහරුවාදා අපරභාග 12.22න් පුර අටවක පෝය ලබා 26 බදාදා පූර්වභාග 10.39 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]